ඉතිහාසයේ මුල්වරට සංචාරක ඉපයීම් රු. බිලියන 700 ඉක්මවයි

    January, 21, 2019

    එක්සත් ජනපද ඩොලර් මිලියන 4,328.1 ක ආදායමක් මෙරටට පැමිණි සංචාරකයින් හරහා ඉපයීමට හැකිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවක සඳහන් වේ.

    2018 වසර තුළ 2,333,796 ක විදෙස් සංචාරකයින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර එය 2017 වසරට වඩා 10.3% ක වර්ධනයකි.

    මේ හරහා උපයා ඇති ආදායම ඩොලර් මිලියන 4,328.1 ලෙසින් සටහන් වන අතර එය ද පූර්ව වර්ෂයට වඩා 10.3% ක ඉහළ යාමකි.

    මෙය ශ්‍රී ලංකා රුපියල් වටිනාකමින් රුපියල් බිලියන 703.4 ක් ලෙසින් වාර්තා වේ. එය 2017 වසරට වඩා 17.6% ක වර්ධනයනකි.

    Video Story

    Stock Market

    Exchange Rates