රටේ ලොකු ප්‍රශ්න සමඟින් ගැටෙන්නට – හර්ෂ දත්ත විශ්ලේෂකයින්ට එන්න කියයි

    January, 28, 2019

    දත්ත විශ්ලේෂණය පිළිබඳව මනා දැනුමක් ඇති විශ්ලේෂකයින් තිදෙනෙකු පමණ අවශ්‍යව ඇති බව ආර්ථික ප්‍රතිසංස්කරණ හා පොදු සැපයුම් පිළිබඳ අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

    සිය ෆේස්බුක් හා ට්විටර් පිටුවල මේ බව සඳහන් කරමින් අමාත්‍යවරයා කියා සිටින්නේ ඒ වෙනුවෙන් දැන්වීමක් අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කර ඇති බවත් සුදුසුකම් ඇති අය හැකි ඉක්මනින් ඒ සඳහා ඉල්ලුම් කරන ලෙසත්ය.

    අදාළ දැන්වීමෙහි සඳහන් පරිදි ශ්‍රී ලංකාවේ පවතින විශාල ප්‍රශ්න සමඟ උරෙනුර ගැටමින් ඒවා විශ්ලේෂණය කිරීම සඳහා කුසලතාපූර්ණ විශ්ලේෂකයින්ට මින් ආරාධනය කර සිටී.

    අදාළ දැන්වීම පහතින් දැක්වේ.