February, 27, 2019
එදිරිසිංහ ට‍්‍රස්ට් ඉන්වෙස්මන්ට් ETI ආයතනයේ තැන්පත්කරුවන්ට කඩිනම් සහන සැලසීමේ අවශ්‍යතාව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අවධාරණය කරයි. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කළේ ඊයේ (26) ජනාධිපති කාර්යාලයේ දී ජාතික ආර්ථික සභාව රැස් වූ අවස්ථාවේ දී ය.
ETI මූල්‍ය සමාගමේ වත්කම් අලෙවි කිරීමේ ගනුදෙනුව පිළිබඳව ජාතික ආර්ථික සභාවේ විශේෂ අවධානය යොමු වූ අතර එම ගනුදෙනුව සලකා බැලු ජාතික ආර්ථික සභාව ඒ සඳහා සිය නිර්දේශ ඉදිරිපත් කරනු ලැබීය. 2015-2018 කාලය තුළ ආයතන 03 ක් ETI සමාගම මිල දී ගැනීමට කැමැත්ත පළ කර තිබී ඇති අතර, එයින් ආයතන දෙකක් ශ‍්‍රී ලංකා සමාගම් වන අතර එකක් විදේශීය සමාගමකි. එහි දී දේශීය සමාගම් සමග ප‍්‍රමාණවත් තරම් පාරාදෘශ්‍ය භාවයකින් කටයුතු කර තිබේ ද යන්න පිළිබඳවත් එම ගනුදෙනුවේ දී තැන්පත්කරුවන්ට ගෙවීම සඳහා උපරිම මුදලක් ලබාගැනීම පිණිස නිසි කේවල් කිරීමක් සිදු කළේ ද යන්න අපහැදිලි බවත් ජාතික ආර්ථික සභාවේ අවධානයට ලක් විය. එමෙන්ම ඉරිපත් වූ එම සමාගම් 03ට ම ලංසු තැබීම සඳහා සමාන අවස්ථාවන් ලබාදුන්නේ ද යන්න අවිනිශ්චිත බව ද නිරීක්ෂණය විය.
අදාළ තැන්පත්කරුවන්ට සහන සැලසීම සඳහා එම සමාගමේ වත්කම් අලෙවි කිරීමේ ගනුදෙනුවක් ද මේ වන විට සිදුවන අතර එම ගනුදෙනුව පිළිබඳව ද මෙහි දී විමර්ශනයට ලක් කෙරිණි. ඒ අනුව මේ වන විට ETI සමාගමේ තැන්පත්වලින් 20්ර% ක් නැවත එම තැන්පත්කරුවන්ට ලබා දී තිබෙන බවත් තවත් 10්% ක් නුදුරේ දී ලබාදිය හැකි බවටත් මහබැංකුව අපේක්ෂාව පළ කළේය.
මේ අතර ක්ෂ්ද්‍ර මුල්‍ය ණය පිළිබඳව ද ආර්ථික සභාවේ විශේෂ අවධානය යොමු කෙරිණි. ක්ෂ්ද්‍ර මූල්‍ය ණය ක්ෂේත‍්‍රය තුළ ජනතාව ඉතා පීඩාකාරී තත්වයකට ලක්ව සිටින බව පෙන්වා දුන් ජනාධිපතිතුමා එම ණය ලබාදීමේ ආයතන ලියාපදිංචි කිරීමේ ක‍්‍රමවේදයක වැදගත්කම ද පැහැදිලි කළේය.
මෑතකාලීනව ක්ෂ්ද්‍ර මූල්‍ය ණය මගින් පීඩාවට පත්ව සිටින ජනතාව ඉන් මුදා ගැනීම සඳහා හඳුන්වාදී තිබෙන ණය යෝජනා ක‍්‍රමයේ ප‍්‍රගතිය ද සමාලෝචනයට ලක් කෙරුණු අතර එම ණය ලබාගැනීම සඳහා ජනතාවට සලසා ඇති පහසුකම් සහ එහි කාර්යක්ෂමතාවය තවදුරටත් වර්ධනය කිරීමේ අවශ්‍යතාවය සහ ක්ෂ්ද්‍ර මූල්‍ය ණය පොලි පහත දැමීම පිළිබඳ විශේෂ වැඩපිළිවෙළක් කෙරෙහි ද මෙහි දී අවධානය යොමු විය.
ඒ අනුව ක්ෂ්ද්‍ර මූල්‍ය ණය ලබාදෙන ආයතන නියාමනය සඳහා ආයතනයක් පිහිටුවීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි. එමෙන්ම ජනතාවට තම පෞද්ගලික කටයුතු ගැටලුවකින් තොරව පවත්වාගෙන යාමට මුල්‍ය සාක්ෂරතාව වර්ධනය කිරීමේ වැඩපිළිවෙළක වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය. ඩිජිටල් තාක්ෂණය මගින් ණය පහසුකම් ලබාදීමේ නව ප‍්‍රවණතාවක් පවතින බැවින් එය නිසි පරිදි නියාමනය කිරීම සඳහා සුදුසු ක‍්‍රමවේදයක් පිළිබඳව ද ජාතික ආර්ථික සභාවේ නිර්දේශ ඉදිරිපත් කෙරිණි.
මේ අතර මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් යාවත්කාලීන කරන ලද ශ‍්‍රී ලංකාවේ භෞතික සැලැස්ම ද මෙහි දී ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරිණි. 2007 වසරට පසුව එම සැලැස්ම යාවත්කාලීන කෙරුණු පළමු අවස්ථාව මෙය යි. ශ‍්‍රී ලංකාවේ භෞතික පිහිටිම, ජලය, ස්වභාවික සම්පත්, ඛනිජ සම්පත්, පාරිසරික වශයෙන් වැදගත්වන කලාප, ආර්ථික කලාප, ඇතිවිය හැකි ස්වභාවික උවදුරු ආදි බෝහෝ පැතිකඩ ඔස්සේ මෙම සැලැස්ම ඉදිරිපත් කර තිබේ. මේ යටතේ ප‍්‍රධාන ආර්ථික සංවර්ධන කලාපයක් ලෙස කොළඹ සහ ති‍්‍රකුණාමලය අතර බස්නාහිර හා නැගෙනහිර වෙරළ තීරය යා කෙරෙන ආර්ථික කලාපයක් හඳුනාගැනීම පිළිබඳව ද මෙහිි පෙන්වා දී තිබේ. ශ‍්‍රී ලංකාවේ සංවර්ධන වැඩපිළිවෙළට අදාළ මෙම සැලැස්ම පිළිබඳව ද ජාතික ආර්ථික සභාවේ අනුමැතිය හිමි විය.
අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග, රිෂාඞ් බදුර්දීන්, දයා ගමගේ යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද ජාතික ආර්ථික සභාවේ මහලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරකෝන්, මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරුන් ඇතුළු නිලධාරිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
Video Story