හෙට දින කරච්චි සහ ලාහෝරය වෙත ශ්‍රීලංකන් ගුවන් මෙහෙයුම් නවතා දමයි

    February, 27, 2019

    පකිස්ථාන සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් පකිස්ථාන ගුවන් කලාපය තාවකාලිකව වසා දැමීම හේතුවෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගම පාකිස්ථානයේ ලාහෝර් සහ කරච්චි වෙත 2019 පෙබරවාරි මස 28 වැනි බ්‍රහස්පතින්දා සිදු කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් අත්හිටුවීමට කටයුතු යොදා තිබේ.

    ලාහෝර් සහ කරච්චි වෙත පියාසර කිරීමට ගුවන් ප්‍රවේශ පත්‍ර වෙන්කර ඇති මගීන්ට අවශ්‍ය වැඩි දුර උපදෙස් ඔවුන්ගේ සංචාරක නියෝජිතයන් ඇමතීමෙන් සහ www.srilankan.com වෙත පිවිසීමෙන් ලබාගත හැක.

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ පාලනයෙන් පරිබාහිරව සිදු වූ ඉහත තත්ත්වය හේතුවෙන් ගුවන් මගීන්ට සිදුවන අපහසුතාවය පිළිබඳව ගුවන් සේවය කණගාටුව ප්‍රකාශ කර සිටියි. සියලු මගීන්ගේ ආරක්ෂාව ශ්‍රීලංකන් ගුවන් සමාගමට අතිශයින් වැදගත් වන අතර ගුවන් සමාගම දැනට ඇති වී තිබෙන මෙම වත්මන් තත්ත්වය සමීපව අධීක්ෂණය කරමින් අදාළ බලධාරීන් සමග නිරන්තරයෙන්ම සම්බන්ධ වී සිටින බව ශ්‍රීලංකන් ගුවන් සේවය වැඩිදුරටත් කියා සිටී.