February, 28, 2019
Maersk Holdings හි ප්‍රධාන විධායක නිලධාරි සොරෙන් සේකාව් (Soren Skou) මහතා ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය.
ශ්‍රී ලංකාවේ බහාලුම් හැසිරවීමේ ව්‍යාප්තිය වැඩිදියුණු කිරීම පිළිබඳ Maersk Holdings හි දායකත්වය පිළිබඳව මෙහි දී ජනාධිපතිතුමා වෙත කරුණු ඉදිරිපත් කෙරුණු අතර ඒ පිළිබඳව මේ වන විට Maersk Holdings ආයතනය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව ද කියා සිටියේ ය.
කොළඹ වරායේ බහාලුම් ප්‍රවාහනය පුළුල් කිරීමට මේ හරහා පහසුකම් සැලසෙනු ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා එයින් ශ්‍රී ලංකා ආර්ථිකයට විශාල සහයෝගයක් ලැබෙනු ඇති බවට ද විශ්වාසය පළ කළේය.
දකුණු ආසියාවේ Maersk Holdings ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ, ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍රන්, දකුණු ආසියානු පිවිසුම් පර්යන්ත සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි රොමේෂ් ඩේවිඩ්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ඇසළ වීරකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Video Story