ලංකාව සමග තිබෙන වෙළඳ ගිවිසුම් තර කිරීමට ස්විට්සර්ලන්තය සැරසෙයි

    May, 21, 2015

    ශ්‍රී ලංකාව සමග අත්සන් කර තිබෙන “ද්විත්ව බදුකරණය වැලැක්වීමේ ගිවිසුම“ සහ “ද්විපාර්ශවික ආයෝජන ගිවිසුම“ වඩාත් ඵලදායී ලෙස දියුණු කර ගැනීමට සූදානම් බව ස්විට්සර්ලන්තය කියයි.

    ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජිතයින් සමග ස්විට්සර්ලන්තයේ වෙළඳ ගිවිසුම් සඳහා වන ෆෙඩරල් කවුන්සලයේ තානාපති නියෝජිතවරිය වන Livia Leu මහත්මිය කොළඹදී පැවැත්වූ සාකච්ඡා වලදී මේ බව අනාවරණය විය.

    මෙහිදී, අදහස් දක්වමින් ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන විධායක නිළධාරී, මංගල පී.බී. යාපා මහතාට ඇය සඳහන් කර තිබෙන්නේ ශ්‍රී ලංකා ආයෝජකයින්ට ලබාදී තිබෙන ස්විට්සර්ලන්ත GSP පහසුකම උපරිමයෙන් භාවිතා කළ යුතුව තිබෙන බවයි.

    මෙම පහසුකම මෙරට අපනයන කරුවන් මේ වනවිට උපරිමයෙන් භාවිතා නොකරන බව ඇය මෙහිදී පෙන්වාදී ඇත.

    Video Story

    Stock Market

    Exchange Rates