දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් හෝටල්, ආගන්තුක නිවාස, ආපනශාලා ව්‍යාපාර වෙත නිවේදනයක්

    December, 19, 2019

    2019 දෙසැම්බර් 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී ඇති හෝටල්, ආගන්තුක නිවාස, ආපනශාලා හෝ සමාන සේවා සපයන අනෙක්තු ඒ හා සමාන ව්‍යාපාරවලට අදාළ මුළු යෙදවුම් වටිනාකමින් 60%කට නොඅඩු ප්‍රමාණයක් දේශීය සැපයුම්/ මූලාශ්‍රවලින් ප්‍රභවය වන්නේ නම්, එවැනි ආයතන විසින් සපයන සේවා මත එකතු කළ අගය මත බදු අනුප්‍රමාණය, ශූන්‍ය (0%) අනුප්‍රමාණය වන ලෙස 2019 නොවැම්බර් 29 දිනැති අංක 2151/52 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය ප්‍රකාරව සංශෝධනය කර ඇත.

    මෙහිදී මුළු යෙදවුම් වටිනාකම සහ දේශීය සැපයුම්/ ප්‍රභවයන්ගෙන් ප්‍රභවය වූ යෙදවුම් අර්ථ කථනය කරන ආකාරය සම්බන්ධයෙන් නිවේදනයක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

    පහත දැක්වෙන්නේ එම නිවේදනයයි.