COVID-19 සටනේ පෙරමුණේ සිටින සෞඛ්‍ය අංශය වෙනුවෙන් ඇට්ලස් ඇක්සිලියා සමාගම තවත් රොබෝ යන්ත්‍ර තුනක් පරිත්‍යාග කරයි

    May, 5, 2020

    හේමාස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ඇට්ලස් ඇක්සිලියා සමාගමතමන් නිෂ්පාදනය කරන ලද තවත් ස්වයංක්‍රිය මෙහෙයුම් රොබෝ යන්ත්‍ර (AGV) තුනක් සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට නිල වශයෙන් බාර දුන්නේය. මෙරට COVID-19 සටන සඳහා පළමු වරට රොබෝ යන්ත්‍ර හඳුන්වා දුන් ඇට්ලස් සමාගමමින් පෙර ලබා දුන් රොබෝ යන්ත්‍ර මේවන විට ද කොරෝනා රෝගීන් සඳහා ම වෙන් වූ හෝමාගම මූලික රෝහලේත්ඉරණවිල ප්‍රතිකාර මධ්‍යස්ථානයේත් සාර්ථකව ක්‍රියාත්මක වේ.

    මෙම නවත ම රොබෝ යන්ත්‍ර උෂ්ණත්ව සංවේදකයක් හරහා රෝගියාගේ උෂ්ණත්වය පරික්ෂා කිරීමඑම දත්ත ගබඩා කිරීම මෙන්ම වීඩියෝ සම්මන්ත්‍රණ පහසුකමින් ද යුතුවන අතර රෝගීන්ට අවශ්‍ය ආහාර සහ ඖෂධ රැගෙන යාමේ හැකියාවෙන් ද සමන්විත බැවින් රෝගීන් සමග සෘජුව සම්බන්ධ වීම පාලනය කරමින් වෛද්‍යවරුන් ඇතුළු ඉදිරි පෙළ සෞඛ්‍ය කාර්යමණ්ඩලවල ආරක්ෂාව තහවුරු කෙරේ.

    ඇට්ලස් ඇක්සිලියා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/මෙහෙයුම් අධ්‍යක්ෂ විරාජ් ජයසූරිය මහතාගේ මගපෙන්වීම යටතේ එම සමාගමේ තාක්ෂණික කණ්ඩායම මෙම ව්‍යාපෘතිය දියත් කළහ. මෙයඑම සමාගමේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා මින් පෙර නිර්මාණය කරන ලද රොබෝ යන්ත්‍රයක්වන අතර එම සමාගමේ ඉංජිනේරු අංශය විසින් එය සෞඛ්‍ය අංශයේ අවශ්‍යතාවලට සරිලන පරිදි වැඩිදියුණු කරන ලදි.