ඉන්දියාවෙන් ලැබෙන හදිසි ගිලන් රථ සේවාව ඇරඹෙයි

    August, 13, 2015

    රෝගී වූ හෝ අනතුරකට පත්වූ තැනැත්තෙකු පළමු මිනිත්තු කිහිපය ඇතුළත රෝහලක් වෙත ගෙන යාමේ අරමුණෙන් ඉන්දියාවේ සහයෝගයෙන් ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන ගිලන් රථ සේවාව ඇරඹෙයි.

    මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ වෙසෙන ඉන්දියානු මහ කොමසාරිස් Y K Sinha මහතා පැවසුවේ පළමු අදියර යටතේ බස්නාහිර පළාතේ සහ දකුණු පළාතේ මෙම සේවාව ආරම්භ කිරීම සඳහා මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 7.5 ක ප්‍රදානයන් ලබාදෙන බවයි.

    පසුගිය මාර්තු මාසයේදී ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලංකාවට පැමිණි අවස්ථාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ ඉල්ලීමකට අනුව මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන අතර මෙම ව්‍යාපෘතියේ අධීක්ෂණ කටයුතු සිදුකළේ ප්‍රතිපත්ති සම්පාදන සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතායි.

    මේ පිළිබඳව අදහස් දක්වමින් අචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරන්නේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් 600 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ඉදිරියේදී ඉන්දියාවේ GVK Emergency Response Institute වෙත යවා පුහුණු කිරීමට නියමිත බවත් ඉදිරියේදී අංක 119 ට ඇමතුමක් ලබාදීම මගින් මෙම ගිලන් රථ සේවාව ලබාගත හැකි බවයි.

    ලාභ නොලබන ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරන මෙම හදිසි ගිලන් රථ සේවය අදියර 04 කින් ක්‍රියාත්මක කරන අතර මෙම ව්‍යපෘතියේ පළමු අදියර බස්නාහිර පළාතේ සහ දකුණු පළාතේ ගිලන් රථ 88 ක් යෙදවීම මගින් ක්‍රියාත්මක කිරීමට සූදානම් වේ.

    මෙම ව්‍යාපෘතිය පිළිබඳව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මීට පෙර අවස්ථාවක අප සමග අදහස් දක්වා තිබුණේ මෙසේයි.