September, 23, 2020
රට තුළට විදේශ මුදල් ගලා ඒම දිරිමත් කිරීමේ අරමුණින් නේවාසික නොවන ආයෝජකයින්ට රජයේ සුරැකුම්පත්වල සහ අනෙකුත් අංශයන්හි ආයෝජනය කිරීමට හැකිවන පරිදි පහසුකම් සැලසීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුනාගනු ලැබ ඇත.
ඒ අනුව, ‘වසරක සිට වසර දෙකක කාලයක් දක්වා ඇමරිකානු ඩොලර්/ ශ්‍රී ලංකා රුපියල් මිල දී ගැනීමේ - විකිණීමේ මුදල් හුවමාරු‘ පහසුකම් හඳුන්වා දීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව කටයුතු කිරීමේ දී බලපත්‍රලාභී වාණිජ බැංකුවලට ඇති විය හැකි විදේශ විනිමය අවදානම සීමා කිරීමේ අරමුණින් පහත සඳහන් අයුරින් කටයුතු කිරීම පිණිස මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන ලද වැඩපිළිවෙළ සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දෙන ලදී.
Video Story