එයාර්ටෙල් ලංකාවේ වත්කම් විකිණීම අළුත් වටයකින් එයි

    August, 28, 2015

    ඉන්දියාවේ විශාලතම විදුලි සංදේශ සමාගම වන භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ සිය ව්‍යාපාරික කටයුතු අලෙවි කිරීමේ සැලසුම් අළුත්කර තිබෙන බවත් මෙම අලෙවිය සිදුකිරීම සඳහා බැංකු දෙකක් පත්කර තිබෙන බවත් වාර්තා වේ.

    සමාගමේ ණය අඩුකිරීමට ඵලදායී නොවන අඩු ලාභදායීතාවයක් සහිත ව්‍යාපාරික කටයුතු වලින් ඉවත්වීමේ උපාය මාර්ගය යටතේ ලංකාවේ සහ බංග්ලාදේශයේ ව්‍යාපාරික කටයුතු විකුණා දැමීමට සමාගම සූදානම් වේ.

    මූලාශ්‍ර උපුටා දක්වමින් CNBC-TV18 වාර්තා කර තිබෙන්නේ මෙම ව්‍යාපාරික කටයුතු මිලදීගැනීම සඳහා Etisalat සහ Orange යන සමාගම් උනන්දුවක් දක්වා තිබෙන බවයි.

    මීට අමතරව, එයාර්ටෙල් විසින් ලංකාවේ සහ බංග්ලාදේශයේ තමන්ට අයිතිව තිබෙන විදුලි සංදේශ කුළුණුද විකුණා දැමීම සඳහා සූදානම් වනබව සඳහන්ය.

    ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ ව්‍යාපාරික කටයුතු විකුණා දැමීමට භාරතී එයාර්ටෙල් සමාගම 2012 වසරේදීද සූදානම් වූ අතර එය සාර්ථක නොවීය.