October, 19, 2020
2020 දෙවන කාර්තුව අවසාන වන විට මෙරට විරැකියා අනුපාතිකය 5.4% ක් බව ශ්රී ලංකා මහ බැංකුවේ සතිපතා ආර්ථික දර්ශක වාර්තාව පෙන්වා දේ. මෙම අනුපාතිකය 2019 දෙවන කාර්තුවේ දී 4.9%ක් ලෙසින් සටහන් වූ අතර 2019 වාර්ෂික විරැකියා අනුපාතිකය 4.8% ක් විය. 2020 පළමු කාර්තුවේ දී විරැකියා අනුපාතිකය 5.7% ක් ලෙසින් වර්තා වුණි.
මේ අතර ශ්රම බලකා සහභාගීත්ව අනුපාතිකය 2020 දෙවන කාර්තුව තුළ දී 50.2% ක් දක්වා පහළ ගොස් ඇත. 2019 දෙවන කාර්තුවේ දී මෙම අගය 52.6% ක් වූ අතර 2019 වාර්ෂික අනුපාතිකය 52.3% ක් ලෙසින් සටහන්ව තිබුණි.

Video Story