October, 20, 2020
සීමාසහිත ලංකා සළුසල ආයතනය, රජයේ නව කර්මාන්ත හා වෙළඳ ප්‍රතිපත්ති අනුව උපාය මාර්ගික 'පස් අවුරුදු ව්‍යාපෘති සැලැස්මක්' සකස් කර ඇති අතර, රාජ්‍ය අංශයේ ආයතනවල රෙදිපිළි ඉල්ලුම පිළිබඳ අධ්‍යයනය කර දේශීය රෙදිපිළි නිෂ්පාදකයින් ජාලගත කරමින් නව ව්‍යාපාරික ප්රවේශයකින් කටයුතු කිරීමට ද සැලසුම් කර ඇත.
ඒ අනුව, සීමාසහිත ලංකා සළුසල ආයතනයේ අළෙවි කටයුතු ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගෙන රාජ්‍ය ආයතන විසින් තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ සළුසල ආයතනයෙන් සහ රජයට අයත් ආයතනවලින් රෙදිපිළි මිල දී ගැනීමේදී 15%ක ප්‍රමුඛතාවයක් ලබා දීම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story