October, 20, 2020
ආනයනික ඇඟළුම් මත පනවා තිබූ සෙස් බදු ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබේ.
පහත උපලේඛනයේ IV වන තීරුවෙහි දක්වා ඇති අනුප්‍රමාණය පරිදි 2020 ඔක්තෝබර් 14 දින සිට බලපැවැත්වෙන ලෙස උපලේඛනයේ සංයෝජිත වර්ගීකරණ අංක යටතේ නිශ්චිතව දක්වා ඇති භාණ්ඩවලට අනුරූප වන අයුරින් සෙස් බද්ද සංශෝධනය කරනු ලබන බව ගැසට් නිවේදනයක් නිකුත් කරමින් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.
1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 වගන්තිය මගින් තමා වෙත පවරා ඇති බලතල ප්‍රකාරව මුදල් අමාත්‍යවරයාගේ ද එකඟත්වය ඇතිව මෙම සංශෝධන කරනු ලබන බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
මෙලෙස සෙස් බදු සංශෝධනය වන සම්පූර්ණ භාණ්ඩ ලැයිස්තුව පහතින් දැක්වේ.













Video Story