COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් විදේශීය සංචාරකයින් නොපැමිණීමෙන් ලක්සල අලෙවි ආදායම 90%කින් පහත වැටීම නිසා ආයතනය පවත්වාගෙන යාම අපහසු වී ඇත.
එබැවින්, ලක්සල ආයතනය පවත්වා ගැනීමට අවශ්‍ය සේවක වැටුප් හා අනෙකුත් අත්‍යවශ්‍ය වියදම් ඇතුළු කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරය වෙතින් සලසා ගැනීම පිණිස කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.