Cinnamon Life සුපිරි නිවාස වලින් 40% ක් දැනටමත් වෙන් කරගෙන

    September, 23, 2015

    ජෝන් කීල්ස් සමූහය විසින් කොළඹ ගොඩනගමින් තිබෙන කාමර 800 කින් සමන්විත තරු පහේ හෝටලයකින්, කාර්යාල පහසුකම් සහ සාප්පු සංකීර්ණ වලින් සමන්විත Cinnamon Life මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිවන සුපිරි නිවාස විකිණීම මේ වනවිට ආරම්භ කරබේ.

    ඩොලර් මිලියන 800 ක් වැයකරන මෙම ව්‍යාපෘතිය මගින් සෘජු රැකියා අවස්ථා 8,000 ක් පමණ බිහිවනු ඇතැයි සඳහන් වන අතර බිහිවනු ඇති වක්‍ර රැකියා ප්‍රමාණය 50,000 කට ආසන්නය. ‍

    නගරයක් තුළ නගරයක් යන තේමාවෙන් ඉදිවන මෙම ව්‍යාපෘතියේ නිර්මාණ කරුවා වන්නේ Cecille Balmont නැමති සුප්‍රකට නිර්මාණ ශිල්පියායි.
    මෙම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය තුළ කුළුණු දෙකක් තුළ සුපිරි නිවාස 450 ක් ඉදිවන අතර මේ වනවිට මෙම නිවාස වලින් සියයට 40 ක් ඇනවුම් කර (booked) ඇතැයි අනාවරණය වේ.

    2019 වසරේදී මෙම නිවාස ගොඩනගා අවසන් කිරීමට නියමිතය.

    Cinnamon Life නමින් නම්කර තිබෙන පරිශ්‍රය තුළ 4000 ක් පමණ පිරිසකට එකවර සම්මන්ත්‍රණ පහසුකම් ගොඩනගනු ඇතැයි සඳහන්ය.
    c02c03c04c06

    Video Story

    Stock Market

    Exchange Rates