November, 4, 2015
ශ්‍රී ලංකාවේ කුඩා සහ මධ්‍යම පරිමාන ව්‍යාපාරිකයින්ට සහ තේ දළු සැපයුම් කරුවන්ට සහායවීම සඳහා DFCC බැංකුව මැතකදී ‘V Cash Card’ කාඩ් පත හඳුන්වා දෙනු ලැබිය. සැපයුම්කරුවන්ට මුදල් ගෙවීම පහසු කිරීම සඳහා වූ මෙම පෙරළිකාර නව ක්‍රමය SYNAPSYS මගින් සැලසුම් කර ක්‍රියාවට නංවන අතර මෙමගින් කුඩා පරිමානයේ තේ දළු සපයන්නන්ට සහ වගාකරුවන්ට ස්වයංක්‍රීයව තමන්ට ලැබිය යුතු ගෙවීම් ලබාගැනීමටත් ශ්‍රී ලංකාවේ ඕනෑම ස්ථානයකින් මුදල් ලබාගැනීමට හැකිවනු ඇත. මෙම V Cash කාඩ්පත DFCC සමූහයේ බැංකුකරණ තාක්ෂණ උපආයතනය වන SYNAPSYS සමග පාර්ශවී කරණයෙන් හඳුන්වා දෙන ලදී.
මෙම කාඩ්පත හඳුන්වාදීම ආරම්භ කරමින් පළමු ‘V Cash Cards’ තොගය KDU සමූහයේ සහ ගල්පඩිතැන්න තේ කර්මාන්ත ශාලාවේ කළමනාකාර අධ්‍යක්ෂ සමන් උපසේන මහතා සහ ඔහුගේ සහෝදරයා වන නිල්වින් තේ කර්මාන්ත ශාලාවේ අධිපති තුෂාන් උපසේන මහතා විසින් තේ දළු සපයන්නන් සහ වගා කරුවන් 25 දෙනෙකුට KDU ප්‍රධාන කාර්යාලයේදී පිරිනමන ලදී. මෙම අවස්ථාවට විශේෂ නියෝජිතයින් වශයෙන් DFCC බැංකුවේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා, SYNAPSYS ප්‍රධාන විධායක නිලධාරී දිනේෂ් ප්‍රනාන්දු පුල්ලේ ඇතුළුව DFCC බැංකුවේ සහ SYNAPSYS හි ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් සහභාගී වූහ. එමෙන්ම මෙම අවස්ථාවට සේවාදායකයින් සහ කුඩා පරිමානයේ තේ දලූ සපයන්නන් විශාල පිරිසක් සහභාගී වූහ.
Video Story