කොමර්ෂල් බැංකුවේ ප්‍රේෂණ ගනුදෙනුකරුවන් තම මුදල් දෙගුණ කරගනී

    November, 4, 2015

    ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් විසින් මෑතකදී සිදුකළ ප්‍රවර්ධන වැඩසටහන යටතේ බැංකුව හරහා ප්‍රේෂණ මුදල් ලබා ගන්නා ගනුදෙනුකරුවන් තිස් දෙදෙනෙකුට තමන් ලැබූ මුදලට වඩා වැඩි ප්‍රමාණයක් ලබාගැනීමේ වරම හිමිවිය. මෙහිදී, කැපී පෙනුණේ මින් බොහෝ දෙනෙකු ලැබූ ප්‍රේෂණ මුදල් දෙගුණ කර ගැනීමයි.

    බැංකුව විසින් ලබාදෙන ඊ-එක්ස්චේන්ජ්, මනිග්‍රෑම්, රියා සහ එක්ස්ප්‍රස් මනි යන ප්‍රේෂණ සේවා අතුරින් ඕනෑම එකක් භාවිතා කළ ගනුදෙනු කරුවන් සඳහා මෙම ප්‍රවර්ධන වැඩසටහන විවෘත විය. සේයාරුවෙන් දැක්වෙන්නේ මෙම ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයෙකු කොමර්ෂල් බැංකුවේ ඊ-බැංකු කටයුතු ප්‍රධාන කළමනාකරු, ප්‍රදීප් බන්දුවංශ මහතා අතින් ඔවුන්ට හිමි මුදල් ලබාගන්නා ආකාරයයි.