CDB සිය අභිමානවත් 20 වන සංවත්සරය සමරයි

    November, 5, 2015

    සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) සිය 20 වන සංවත්සරය නොබෝදා සැමරීය. සිය විසිවසරක ගමන්මග පුරා සුවිශේෂී ජයග‍්‍රහණ රැසක් හිමිකර ගනිමින් වඩාත් ශක්තිමත් ලෙස ශ‍්‍රී ලාංකේය මුල්‍ය වෙළඳපල තුළ සිය නාමය සනිටුහන් කිරීමට CDB ආයතනය සමත්වී ඇත. 1995 දී ආරම්භ කළ CDB ආයතනය අදවන විට දිවයින පුරා විහිදුණු ශාඛා 61 කින් සමන්විත වන අතර එකිනෙක හා ජාලගත ශාඛාවන් මගින් සිය පාරිභෝගිකයින්ට මුල්‍ය සේවා රැසක් ලබා දෙයි.

    CDB සිය අභිමානවත් 20 වන සැමරුමට සමගාමීව දිවයින පුරා විසිරී සිටින සිය පාරිභෝගිකයන් ඇගයීමේ විශේෂ වැඩසටහන් පෙළක් පසුගියදා පැවැත්වීය. දිවයිනේ ප‍්‍රධාන නගර ආවරණය වන පරිදි පැවති ඇගයීම් වැඩසටහන තුළදී CDB සමග දිගුකලක් ගනුදෙනු කරන ලද හිතවත් ගනුදෙනුකරුවන් රැසකට අගනා තිළිණ ප‍්‍රදානය කෙරිණි.

    ‘‘CDB මීට විසි වසරකට පෙර මෙරට තුළ වේගයෙන් වර්ධනය වෙමින් පැවති මුල්‍ය ව්‍යාපාර ක්ෂේත‍්‍රයේ කුඩා ආයතනයක් වුණා. අප සතුව පැවති ශක්තීන් හා අනාගත අවස්ථා හඳුනාගනිමින් මෙරට මුල්‍ය ආයතන අතර ප‍්‍රමුඛයෙකු බවට පත්වීමට අපට හැකිවුණා.’’ CDB ආයතනයේ ප‍්‍රධාන කාර්යාලයේ පැවති පාරිභෝගිකයන් ඇගයීමේ වැඩසටහනට එක්වූ CDB ප‍්‍රධාන විධායක නිලධාරී හා කළමනාකාර අධ්‍යක්ෂ මහේෂ් නානායක්කාර මහතා පැවසුවේය.

    දේශීය ව්‍යවසායකයන් නව්‍යතාවන් තුළින් සවිබල ගන්වමින් දේශීය ආර්ථිකයට සක‍්‍රිය ලෙස දායක වීමෙන් ශ‍්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම CDB ආයතනයේ අරමුණයි. පසුගිය දශක දෙකක කාලය තුළ සිය දැක්ම හා බැඳුණු උපායමාර්ගික මෙහෙයුම් වැඩසටහන් තුළින් ග‍්‍රාමීය ආර්ථිකය සවිබල ගැන්වීම සඳහා නාගරිකව අරමුදල් සපයාගෙන ග‍්‍රාමීය අංශ වෙත ණය ලබාදෙමින් ග‍්‍රාමීය ආර්ථිකය වෙත ප‍්‍රමුඛ ණයදෙන්නෙකු ලෙස වෙළඳපල තුළ නමක් දිනාගැනීමට CDB ආයතනය සමත්වී ඇත.

    පසුගිය වසර විස්ස පුරාම CDB සමග ගනුදෙනු කළ ලෙන්ගතු පාරිභෝගික සැම මෙන්ම ආයතනයේ සාර්ථකත්වය වෙනුවෙන් දිවා රෑ වෙහෙසවී සිය ශ‍්‍රමය කැපකළ එහි සේවක මණ්ඩලයද CDB ආයතනයේ සාර්ථකත්වයේ නියමුවෝ වෙති.

    CDB ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී, කළමනාකාර අධ්‍යක්ෂ මහේෂ් නානායක්කාර මහතා, බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවති පාරිභෝගික ඇගයීමේ වැඩසටහන අතරතුරදී අදහස් දක්වමින්