ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ රාජ්‍ය අංශ ඒකකය වන APFASL රාජ්‍ය මූල්‍ය කළමනාකරණ භාවිතයන් ශක්තිමත් කිරීම සඳහා පෙරමුණ ගනී

    November, 7, 2015

    ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ රාජ්‍ය අංශ ඒකකය වන ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරි සංගමය (APFASL) රාජ්‍ය අංශයේ විනිවිද භාවය, වගකීම සහ යහපාලනය උසස් මට්ටමකට ගෙන ඒමට සහාය වීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය කළමනාකරණ භාවිතයන් ශක්තිමත් කිරීම සඳහා නවෝත්පාදන කීපයක් හඳුන්වා දෙමින් ප්‍රමුඛ භූමිකාවක අඛණ්ඩව නිරතව සිටී.

    මෙම නවෝත්පාදන සඳහා වරලත් රාජ්‍ය මූල්‍ය ගිණුම්කරණ සුදුසුකම, රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතීන් යොදා ගැනීම හා ස්ථාපිත කිරීම, විශිෂ්ටතම වාර්ෂික වාර්තා සහ ගිණුම්කරණ සම්මාන තරගාවලියක් හඳුන්වාදීම, රාජ්‍ය අංශ ඒකකය සඳහා පරිපූර්ණ වෙබ් අඩවියක් නිර්මාණය කිරීම සහ රාජ්‍ය අංශයේ ගිණුම්කරණ හා මූල්‍ය වෘත්තිකයින් සඳහා ධාරිතා ගොඩනැංවීමේ වැඩසටහන් පැවැත්වීම ආදිය අඩංගුය.