November, 9, 2015
‘රමණි ප්‍රනාන්දු සන්සිල්ක් හෙයාර් ඇන්ඩ් බියුටි ඇකඩමි‘(Ramani Fernando Sunsilk Hair and Beauty Academy) පුහුණු ආයතනයට වසර 10 ක් පිරීම නිමිත්තෙන් ‘හෙයාර් ආර්ට් 2015‘(Hair Art 2015) ප්‍රදර්ශනය උත්කර්ශවත් අයුරින් පැවැත්වීමට එම ආයතනය මේ වනවිට සියලූ කටයුතු සැලසුම් කර තිබේ. මෙම ප්‍රදර්ශනය හිසකෙස් විලාසිතා ක්ෂේත්‍රයේ නවතම ප්‍රවණතා කරළියට ගෙන එන මනා තෝතැන්නක් වනු ඇත.
2015 දෙසැම්බර් 08 වන දින පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම ප්‍රදර්ශනයේදී 2015 වසරේ රමණි ප්‍රනාන්දු සන්සිල්ක් හෙයාර් ඇන්ඩ් බියුටි ඇකඩමි වෙතින් සුදුසුකම් සපිරූ සිසු සිසුවියන්ගේ දක්ෂතා හා කුසලතා එළිදැක්වීමට නියමිතව තිබේ. කාණ්ඩ 3 ක් යටතේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයේ ‘Hip Hop’ කාණ්ඩය යටතේ නව යොවුන් වියේ කොණ්ඩා මෝස්තර හා විලාසිතාද, ‘Hair Silhouette’ කාණ්ඩය යටතේ දිගු කොණ්ඩා සඳහා ගැළපෙන නව මෝස්තර ප්‍රවණතාද, ‘Celestial Signs of the Zodiac’ කාණ්ඩය යටතේ අපූර්ව ගණයේ විලාසිතාද එළිදැක්වෙනු ඇත.
ප්‍රදර්ශනය පිළිබඳව අදහස් දක්වමින් රමණි ෆර්නැන්ඩෝ සැලොන්ස් හි ප්‍රධාන විධායක නිලධාරිනී රමණි ප්‍රනාන්දු මහත්මිය මෙසේ අදහස් පළකළා ය. “2005 වසරේ ආරම්භ කළ දා පටන්ම මෙම පුහුණු ආයතනයේ ඉලක්කය වුණේ රටේ කොණ්ඩා මෝස්තර හා රූපාලංකරණ ක්ෂේත්‍රයට පිවිසෙන තරුණ තරු‚යන්ට ජාත්‍යන්තර තලයේ පුහුණුවක් ලබාදෙමින් ඔවුන්ට තම සිහින සැබෑ කරගැනීමට අවස්ථාව සලසා දීමයි. සන්සිල්ක් සමග එක්වී ක්‍රියාත්මක කරන මෙම පුහුණු ආයතනයේදී විශේෂයෙන් සැකසූ විෂය මාලාවන් සහ අත්දැකීම් බහුල පුහුණුකරුවන්ගේ දායකත්වයෙන් ක්ෂේත්‍රය සම්බන්ධ විශිෂ්ට දැනුමක් ලබාදීමට අපට හැකිවී තිඛෙනවා. අද වනවිට මේ පුහුණු ආයතනය දශකයක සාර්ථක ගමනක් සම්පූර්ණ කර තිබීම මට මහත් සතුටක්. මේ වසරේ සහතිකපත් ප්‍රදානෝත්සවය වගේම ‘හෙයාර් ආර්ට් 2015‘(Hair Art 2015) ප්‍රදර්ශනයත් කාටත් අමතක නොවන අත්දැකීමක් වේවි කියා මා සිතනවා."
රමණි ප්‍රනාන්දු සන්සිල්ක් හෙයාර් ඇන්ඩ් බියුටි ඇකඩමි වෙතින් පුහුණුව ලද සිසු සිසුවියන්ගේ දක්ෂතා එළිදැක්වීමට අමතරව මෙම ප්‍රදර්ශනයේදී විශේෂ සම්මාන කිහිපයක් ප්‍රදානය කිරීමටද කටයුතු සැලසුම් කර තිබේ. මේ වසරේ සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් විශිෂ්ටත්ව පදක්කම (City & Guilds’ Medal of Excellence) සහ වසරේ හොඳම ශිෂ්‍යත්ව සිසුවා/සිසුවිය සඳහා පිරිනැමෙන සන්සිල්ක් සම්මානය (Best Sunsilk Student Award) මේ අතරින් ප්‍රධාන ය.
Video Story