ඉතිහාසයේ ඉහළම තැනට කොටස් වෙළෙඳපොළ පැමිණෙයි

    September, 29, 2021

    කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම තැන යළිත් වරක් ඊයේ (28) දිනයේ දී අලුත් විය. ඒ අනුව කොටස් වෙළෙඳපොළෙ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය මෙතෙක් ඉතිහාසයේ ඉහළම අගය ඊයේ දින වාර්තා කරන ලදී. ඊයේ දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 9,339.28 ක් ලෙසින් වාර්තා වූ අතර පසුගිය සැප්තැම්බර් 02 දින වාර්තා වූ ඒකක 9,335.98 වාර්තා ව මේ අනුව අලුත් වී තිබේ.

    රුපියල් බිලියන 6.66 ක වටිනාකමකින් යුතු සමාගම් කොටස් ඊයේ දින ගනුදෙනු වී තිබුණි. කෙසේ වෙතත් මෙහිදී විදෙස් ආයෝජකයින්ගේ සහභාගීත්වය ඉතා පහළ මට්ටමක තිබුණු අතර දිනය තුළ විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 21.64 ක් තරම් පහළ අගයයක් විය. විදේශීය විකුණුම් රු. මිලියන 317.70 කි.

    ඊයේ දිනය අවසන් වන විට කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත ‌වෙළෙඳප‌ොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම රු. බිලියන 4,161.86 ක් ලෙසින් සටහන් විය.

    මෙහි ඇති කැපී පෙනෙන සිදුවීම නම් රු. බිලියන 381.20 ක ප්‍රාග්ධනීකරණයක් සමඟින් සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයෙන් 9% ක් ඉක්මවූ ප්‍රමාණයකට එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී හිමිකම් කීමට සමත්ව තිබීමයි. මේ අනුව කොටස් වෙළෙඳපොළේ ඉහළම ප්‍රාග්ධනීකරණයකට හිමිකම් කියනු ලබන සමාගම් 12 පහත පරිදි වේ.

     

     

    Video Story

    Stock Market

    Exchange Rates