September, 29, 2021
අද (29) දින පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී දින 364 බිල්පත් පොළී අනුපාතිකය 7.01% ක් දක්වා ඉහළ ගොස් තිබේ. 2020 මැයි 06 දිනෙන් පසු දින 364 බිල්පත් පොළිය 7% සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි.
මීට අමතරව දින 91 බිල්පත් පොළී අනුපාතිකය 6.70% ක් සහ දින 182 බිල්පත් පොළිය 6.99% ක් ලෙසින් අද දින වාර්තා වී තිබෙන අතර එය අවසන් වරට පැවති බිල්පත් වෙන්දේසිවල දී තීරණය වූ 6.38% හා 6.27% පොළී මට්ටම්වලට වඩා කැපී පෙනෙන වැඩි වීමකි.
අද පැවති වෙන්දේසිය සඳහා රු. මිලියන 51,500 ක වටිනාකමකින් යුතු භාණ්ඩාගාර බිල්පත් ඉදිරිපත් කර තිබුණ ද ලංසු අනුමත වී ඇත්තේ රු. මිලියන 31,179 ක බිල්පත් සඳහා පමණි.
මේ අතර ඊයේ දිනයේ පැවති භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ දී 2023 හා 2030 වසරවල දී කල්පිරෙන අයුරින් රු. මිලියන 10,000 බැගින් වූ බැඳුම්කර ඉදිරිපත් කර තිබුණු අතර එහිදී රු. මිලියන 6,800 ක් හා රු. මිලියන 10,000 ක් ලෙසින් ලැබුණු ලංසු අනුමත කර තිබුණි.


Video Story