ආසියානු සංවර්ධන බැංකුවේ 55 වන වාර්ෂික සමුළුව කොළඹදී

    September, 30, 2021

    ආසියානු සංවර්ධන බැංකුවේ 55 වන වාර්ෂික සමුළුව ලබන වසරේ (2022) මැයි මස 02 වනදා සිට 05 වනදා දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිතයි. ඊට අදාල අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද පස්වරුවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මුලිකත්වයෙන් මුදල් අමාත්‍යාංශයේදී සිදුවිය. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතාත් ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන් දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයාමා මහතාත් අවබෝධතා ගිවිසුමට අත්සන් තබන ලදී.

    මෙම අවස්ථාවේදී අදහස් පළ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා

    “ ආසියානු සංවර්ධන බැංකුවේ 55 වන වාර්ෂික සමුළුව ශ්‍රී ලංකවේදී පැවැත්වීමට අවස්ථාව උදාකර දීම සම්බන්ධයෙන් බොහොම ස්තුතියි. මෙම සමුළුව සංවිධානය කිරීමේ අවස්ථාව ලැබෙන දකුණු ආසියානු කලාපයේ දෙවන රට ශ්‍රී ලංකාවයි. මෙම සමුළුව පැවැත්වීම සදහා වඩාත් සුදුසුම ස්ථානය ශ්‍රීලංකාව බවයි මගේ විශ්වාසය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ නායකත්වයෙන් එන්නත්කරණයට ප්‍රමුඛතාව ලබාදී කොවිඩ් වසංගතය සාර්ථකව මැඩ පැවැත්වීමට ශ්‍රීලංකාව සමත් වෙමින් සිටිනවා. ඒ වාගේම කොවිඩ් ව්‍යවසනය කළමනාකරණය කිරීම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව අපිට නිරන්තරයෙන්ම උපකාර කල අතර මම එය වෙනුවෙන් ස්තුතිවන්ත වෙන්න කැමැතියි. පාශ්චාත් කොවිඩ් සමය ජයගැනීම වෙනුවෙන් මෙම සමුළුව සුවීශේෂි අවස්ථාවක් වනු ඇතැයි මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම කොවිඩි වසංගතය හේතුවෙන් වැඩිම බලපෑමකට ලක් වුනු ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව ක්ෂේත්‍රය ඉක්මනින් යථා තත්ත්වයට පත් කර ගැනීම අපේ ප්‍රමුඛතම අවශ්‍යතාවක්. ඒ වෙනුවෙන් අපි ආසියානු සංවර්ධන බැංකුවේ සහයෝගයත් උපරිමයෙන් බලාපොරොත්තු වෙනවා. ආයෝජකයින් ලෙසත් සංචාරකයින් ලෙසත් ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස මම සියළුම පාර්ශවයන්ට ආරාධනා කරනවා. ආසියානු සංවර්ධන බැංකුව සමග ඉදිරියේදීත් ඉතාම අවංකව විනිවිදභාවයෙන් කටයුතු කිරීමට අප සුදානම්.”

    පීලිපිනයේ මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු මුලාස්ථානයේ සිට අන්තර්ජාලය ඔස්සේ සහභාගි වෙමින් අදහස් දැක්වු ආසියානු සංවර්ධන බැංකුවේ මහලේකම් මුහමඩ් ඉෂාන් ඛාන් මහතා,

    “ ආසියානු සංවර්ධන බැංකුවේ 55 වන වාර්ෂික සමුළුව පැවැත්වීම සදහා ශ්‍රී ලංකා රජයේ පාර්ශවයෙන් ලැබෙන විශේෂ සහයෝගයට ස්තුතියි. ශ්‍රි ලංකාවේ කොවිඩි එන්නත්කරණ වැඩපිළිවෙල ඉතා සාර්ථකබවයි අපේ නිරික්ෂණය. ඒ වාගේම සමස්තයක් විදියට කොවිඩ් ව්‍යවසනය කළමනාකරණය කිරීම අතින් රටක් ලෙස ශ්‍රිලංකාව ප්‍රශස්ථ මට්ටමකට පැමිණ ඇති බව දකින්නට ලැබෙනවා. එබැවින් අපේ වාර්ෂික සමුළුව පැවැත්වීම සදහා ශ්‍රී ලංකාව ඉතා ආරක්ෂිත තැනක් වන බව අප විශ්වාස කරනවා. පාශ්චාත් කොවිඩ් කාලවකවානුවට මුහුණදීම සදහා කොළඹදී පැවැත්වීමට නියමිත ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවට අමතර ශක්තියක් වේවී. කොවිඩ් ව්‍යසනය හේතුවෙන් බිඳවැටුනු ආර්ථිකය යළි ගොඩනැගීම අපගේ සුවිශේෂි ප්‍රමුඛතාවයයි. එමෙන්ම දේශගුණික විපර්යාස සහ හරිත ආර්ථිකය අපගේ ප්‍රමුඛ තේමාවයි.

    Video Story

    Stock Market

    Exchange Rates