බටහිර පර්යන්තයේ ඉදිකිරීම් 2022 මුල දී

    September, 30, 2021

    කොළඹ වරාය බටහිර බහාලුම් පර්යන්තයට අදාළ ගිවිසුමට අද (30) දින අත්සන් තැබූ බවත් මෙහි ඉදිකිරීම් 2022 වසර මුල දී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පවසයි. කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිවේදනයක් නිකුත් කරමින් සමාගම මේ බව අනාවරණය කර සිටී.

    ඉන්දියාවේ අදානි වරාය සහ විශේෂ ආර්ථික කලාපීය සමාගම සහ එහි මෙරට නියෝජිත ජෝන් කීල්ස් හෝල්ඩින් පීඑල්සී සමඟ ඒකාබද්ධව කොළඹ වරායේ බටහිර පර්යන්තය රාජ්‍ය - පුද්ගලික හවුල්කාරීත්ව සමාගමක් ලෙස දියුණු කිරීමට පසුගිය මාර්තු මාසයේදී අනුමැතිය ලැබී තිබුණි.

    මේ සම්බන්ධයෙන් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් අද (30) දින නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

     

    Video Story

    Stock Market

    Exchange Rates