November, 16, 2015
තුඩාවේ ට්‍රේඩිං කොරියාවේ SJE කෝපරේෂන් හා එක්වෙමින් ශ්‍රී ලංකාවේ සේදුම් කර්මාන්තයෙහි හරිත විප්ලවයක් ඇති කරීමට පසුගියදා සමත් විය. ඒ ඔප්ටිමා මාදිලියේ වාෂ්පයෙන් පිරිසිදු කිරීම් යන්ත්‍ර මෙරට වෙළෙඳපොළට හඳුන්වා දෙමිනි.
පසුගියදා පැවති ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති ගරු වොන්-සැම් චාන්ග් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතිඋත්කර්ෂවත් උත්සවයක දී මෙම වාෂ්පයෙන් පිරිසිදු කිරීම් යන්ත්‍ර ශ්‍රී ලංකාවට හඳුන්වා දීම සිදුකෙරිණි. එසේම මෙම අවස්ථාවට කොරියාවේ SJE කෝපරේෂන් හි ව්‍යපාර සංවර්ධන කළමනාකරු ටොම් කිම් සහ තුඩාවේ ට්‍රේඩිං හි සභාපති/කළමනාකාර අධ්යක්ෂ වසන්ත තුඩාවේ යන මහත්වරු ද එක් වී සිටියහ.
මෙම නවතම ‘Optima Steamer’ සේදුම් යන්ත්‍රය සම්ප්‍රදායික රසායනිකයන්, සබන් හා ඩිටර්ජන්ට් කුඩු භාවිතය සම්පූර්ණයෙන් බැහැර කරන්නකි. එය මුළුමනින්ම වාෂ්පය හා උෂ්ණත්වය සංයෝග කර ගත් වායු ධාරා හරහා සේදීම සිදුකරනු ලබයි.
මෙම Optima වාෂ්පයෙන් පිරිසිදු කිරීම් යන්ත්‍රය භාවිතයේ ඇති ප්‍රධානතම වාසිය නම් සේදුම් පෘෂ්ඨය මතුපිට ඇති බැක්ටීරියා 99.99% ක් හා විෂබීජ 100% ක් ඉවත් කරන බවට සහතික වීමයි.
පිරිසිදු කිරීමට ඉතා අපහසු ස්ථාන පවා වාෂ්පය භාවිතය තුළින් ඉතා පහසුවෙන්, රසායනික භාවිතයකින් තොරව මුළුමනින්ම පිරිසිදු කිරීමට මෙමඟින් හැකියාව ලැබේ. ඉතා දැඩිව බැඳුනු කුණු, තෙල් හා පැල්ලම් ඉතා පහසුවෙන් ඉවත් කිරීමට මෙම වාෂ්පය හා උෂ්ණත්ව සංයෝගය සමත් වනු ඇත. වඩාත් දැඩි කුණු පැල්ලම් ඉවත් කිරීම, මෙම යන්ත්‍රයේ ඇති තෙතමනය ඉහළ නැංවීමේ විශේෂාංගය භාවිතයෙන් ඉතා පහසුය. මෙහි ඇති විශේෂතම ගුණාංගය නම් එක් වතුර ලීටරයකින් වාෂ්පය ලීටර 1,700 ක් නිපදවීමට ඇති හැකියාවයි. එය ජල සම්පත සුරැකීමට මෙන්ම නිවසේ වියදම අවම කර ගැනීමට ද ලබා දෙන්නේ අනගි සහයෝගයකි.
Optima වාෂ්පයෙන් පිරිසිදු කිරීම් යන්ත්‍රය තාපන ධාරිතා පහකින් එළි දකිනු ඇත. එනම් KW, 12 KW, 18 KW, 27 KW සහ 36 KW යනාදී වශයෙනි. එය සම්පූර්ණයෙන්ම විදුලියෙන් කි‍්‍රයාකරනු ලබයි. එමෙන්ම 24 KW සමාන ධාරිතාවයකින් එළිදකින යන්ත්‍රය එළිමහනේ භාවිතය සඳහා යොදා ගත හැකි අතර එය විදුලියෙන් මෙන්ම ඩීසල් භාවිතයෙන් ද ක්‍රියාකරවිය හැකිවේ. ඩීසල් යොදා ගන්නා මෙම ස්ටීම් බොයිලරය ඉලෙක්ට්‍රික් මෝටරයකින් ක්‍රියාත්මක වේ. මෙහිදී තමන්ට කැමත් ආකාරයෙන් මෙකී විකල්ප දෙකකින් ඕනෑම එකක් 18 KW ධාරිතාවන්ගේ සිට ලබා ගත හැකිය. එය කාලය මෙන්ම මුදල් ද ඉතිරි කරනු ලබයි.
ඡායාරූපය - ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජ ගරු තානාපති වොන්-සැම් චෑන්ග් මහතා, තුඩාවේ ට්‍රේඩිං හි සභාපති/ කළමනාකාර අධ්‍යකෂ වසන්ත තුඩාවේ මහතා, කොරියාවේ SJE කෝපරේෂන් හි ව්‍යාපාර සංවර්ධන කළමනාකාර ටොම් කිම් මහතා නව සේදුම් යන්ත්‍රය හදු න්වා දීමේ උත්සව අවස්ථාවට එක් වූ අවස්ථාව.