මොණරාගල සූර්ය විදුලි බලාගාරයේ වැඩ අද සිට ඇරඹෙයි

    October, 8, 2021

    මෙරට ලැයිස්තුගත බලශක්ති සමාගමක් වන විදුල්ලංකා පීඑල්සී සිය මොණරාගල සූර්ය විදුලි බලාගාරයේ මෙහෙයුම් අද (08) දින සිට ආරම්භ කරන බව දැනුම් දී සිටී. විදුල්ලංකා පීඑල්සී සිය අනුබද්ධිත සමාගමක් වන Orik Corporation (Pvt) Ltd හරහා මෙම ව්‍යාපෘතිය දියත් කර ඇත. මෙය සමාගම විසින් දියත් කරන ලද පළමු පොළොවෙහි ස්ථාපිත කරන ලද (ground mounted) සූර්යබල ව්‍යාපෘතිය වේ.

    සුර්ය බල සංග්‍රාමය අදියර 2 යටතේ මෙම ව්‍යාපෘතිය හඳුන්වා දෙනු ලැබූ අතර විදුලිබල මණ්ඩලය සමඟ වසර 20 ක කාලයක් සඳහා ඒකකයක් රු. 15.90 බැගින් වන පරිදි විදුලිය අලෙවි කිරීමේ ගිවිසුමක් අනුව එය ක්‍රියාත්මක වනු ඇත.

    විදුල්ලංකා පීඑල්සී විසින් 2021 පෙබරවාරි මාසයේ දී Orik Corporation (Pvt) Ltd  හි බහුතර කොටස් හිමිකාරීත්වය අත්පත් කරගනු ලැබීය. ඒ අනුව 87% ක කොටස් අයිතිය විදුල්ලංකා පීඑල්සී සතුව තිබේ.

    2021 මැයි මාසයේ දී විදුල්ලංකා පීඑල්සී විසින් රු. මිලියන 253 ක්, මොණරාගල සූර්ය විදුලි බලාගාරය වෙනුවෙන් එක්රැස් කර ගෙන තිබුණි.

    Video Story

    Stock Market

    Exchange Rates