October, 11, 2021
අද (2021-10-11) දින සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිල සංශෝදනය කර ඇත. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ ලාෆ්ස් ගෑස් සංශෝධිත මිල ගණන් පහත පරිදි වේ.
කිලෝ 12.5ක සිලින්ඩරයක පැවති මිල රු 984/- කින් වැඩි වී ඇති අතර නව මිල රු 2840/- වේ.
කිලෝ 5ක ගෑස් සිලින්ඩරය පැවති මිල රු 393/- කින් වැඩි වී ඇති අතර නව මිල රු 1136/- වේ.
මෙම මිල සංශෝධන නිවේදනයත් සමඟම අද දිනයේ දී ලාසේ ගෑස් සමාගමේ කොටස් මිල ද සීඝ්‍ර වර්ධනයක් වාර්තා කර තිබේ.
ඒ අනුව අද මධ්‍යහ්නය වන විට ලාෆ්ස් ගෑස් සමාගමේ ඡන්ද බලය හිමි කොටසක මිල 165 කින් හා නිෂ්ඡන්ද කොටසක මිල 23% කින් ඉහළ ගොස් තිබුණි.


Video Story