නීතිවිරෝධී මූල්‍ය ආයතනයක් මහජනතාවගෙන් රු. බිලියන 10 ක තැන්පතු අරන්

    October, 11, 2021

    කුරුණෑගල පිහිටි ඉයෝන් ලංකා ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිල්ම් ප්‍රඩක්ෂන් ඉන්ටර්නැෂනල් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් සමාගම විසින් නීතිවිරෝධී ආකාරයෙන් මහජනතාවගෙන් රු. බිලියන 10.3 ක තැන්පතු භාරගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍ය සේමසිංහ මහතා පසුගිය සිකුරාදා (08) පාර්ලිමේන්තුවේ දී මේ බව අනාවරණය කළේය.

    මෙම ව්‍යාපාරය 2011 අංක 42 දරණ මූල්‍ය ව්‍යාපාර පනතෙහි ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් නීතිවිරෝධීව මහජනතාවගේ තැන්පතු රැස්කර ඇති බැවින් එහි සියලු වත්කම් සහ බැංකු ගනුදෙනු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනමට ලක්කර ඇත. මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ තැන්තුකරුවන් 9,449 ක ගෙන් මෙලෙස තැන්පතු ලබා ගෙන ඇති බවයි.

    “නීතිවිරෝධීව පවත්වා ගෙන ගියපු ආයතනයේ රු. බිලියන 10.3ක තැන්පතු තියෙනවා. ඔහු විසින් හෙළිදරව් කරපු කරුණු අනුව බිලියන 1.7 ක වත්කම් තියෙනවා. දැන් අපි ඒක තහනම් කරලා තියෙනවා“, යනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පළ කළ නිවේදනයක් පහතින් දැක්වේ.

     

    Video Story

    Stock Market

    Exchange Rates