පොළී වැඩිවෙයි ද? තීරණය බ්‍රහස්පතින්දා

    October, 11, 2021

    2021 වසරේ 07 වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය එළඹෙන ඔක්තෝබර් 14 දින ප්‍රකාශයට පත්කරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දී සිටී.

    අජිත් නිවාඩ් කබ්රාල් මහතා නැවත වරක් මහ බැංකු අධිපති ධූරයට හා මුදල් මණ්ඩල සභාපති ධූරයට පත්වූ පසු එළිදකින පළමු මුදල් ප්‍රතිපත්ති විවරණය මෙයයි.

    මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2021 අගෝස්තු මස 18 වැනි දින පැවති රැස්වීමේදී  ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 50 බැගින් පිළිවෙළින්, සියයට 5.00 සහ සියයට 6.00 දක්වා ඉහළ නැංවීමට තීරණය කළේය.

    මෙය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැඩි කිරීමට ගත් පියවරකි.

     

     

    Video Story

    Stock Market

    Exchange Rates