රට යළි විවෘත කිරීමත් සමඟ වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීමෙහි සීඝ්‍ර වැඩිවීමක්

    October, 11, 2021

    කොවිඩ් හේතුවෙන් රට වසා දමා තිබූ කාලය තුල ලබා ගත නොහැකිවූ වාහන අදායම් බලපත්‍ර අලුත් කර ගැනීම සඳහා ඉතා වැඩි ජනතාවක් ඒකරාශී වීම හේතුවෙන් දිවයින පුරා සියළු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී බාධා ඇතිවී තිබෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) නිවේදනය කරයි.

    ICTA ආයතනය, පළාත් මෝටර් රථ දෙපාර්තමේන්තු අධිකාරීන් හා සහයෝගිතාවයෙන් ක්‍රියාත්මක කර ඇති මෘදුකාංග පද්ධතිය මඟින් මේ වන විට වාර්ෂිකව මිලියන 6.5ක පමණ අදායම් බලපත්‍ර ප්‍රමාණයක් දිවයින පුරා පිහිටි නිකුත් කිරීමේ කවුන්ටර 900කට අධික ස්ථානයන්හිදී සාර්ථකව සිදු කෙරේ.

    සාමාන්‍යයෙන් දිනකට බලපත්‍ර 34,000ක් පමණද, කාර්ය බහුල වේලාවන්හිදී පැයකට බලපත්‍ර 6,800ක් පමණද නිකුත් කෙරේ. කෙසේ වෙතත්, රට වසා දමා තිබූ කාලය තුල ලබා ගත නොහැකිවූ වාහන අදායම් බලපත්‍ර අළුත් කර ගැනීමේ පවතින දැඩි ඉල්ලුම හමුවේ පවා දිනකට බලපත්‍ර 55,000ක් පමණද, කාර්ය බහුල වේලාවන්හිදී පැයකට බලපත්‍ර 11,000ක් පමණද නිකුත් කර ඇත. මෙය 60%ට වැඩි ඉල්ලුමෙහි වර්ධනයකි. 2009 වසරේ සිට සාර්ථකව ක්‍රියාත්මක වූ මෘදුකාංග පද්ධතිය, පවතින දැඩි සේවා ඉල්ලුම හේතුවෙන් විටින් විට මන්දගාමී ක්‍රියාකාරිත්වයක් දක්වයි. බලපත්‍ර නිකුත්කිරීමේ නව්‍ය මෘදුකාංග පද්ධතියක් ICTA ආයතනය විසින් දැනටමත් සකස්කරමින් පවතින අතර 2022 වසර මද භාගයේදී එය අවසන් වනු ඇත. පවතින සෞඛ්‍ය මාර්ග උපදේශයන්ට අනුකූලව ජනතාව ඒකරාශිවිම පාලනය කිරීම සඳහා පියවර ගනිමින් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු පවත්වාගෙන යන ලෙසට ICTA ආයතනය පළාත් බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු යොදා ඇත.

    Video Story

    Stock Market

    Exchange Rates