October, 12, 2021
2021.10.01 දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කරන ලද “සාර්ව ආර්ථික හා මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා වන සය මාසික පෙර දැක්ම” ට අනුව ඉදිරි වසර තුන අවසන් වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 10%ක පමණ ප්‍රමාණයකට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ණය ප්‍රමාණය ක්‍රමික ව අඩු කළ යුතු වේ. මේ අතර, ඒ් හා සමගාමී ව, එළැඹෙන 2022 ජනවාරි මාසය තුළ සහ ජූලි මාසය තුළ කල් පිරෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර 2021 සැප්තැම්බර් මාසය තුළ වට්ටම් සහිත මිල ගණන්වලට හුවමාරු වීම හේතුවෙන් එම ජාත්‍යන්තර බැඳුම්කරයන් ආපසු මිලදී ගැනීමේ හැකියාව, අන්තර්ජාතික බැංකු සහ ප්‍රධාන ආයෝජන සැලසුම්කරුවන් ගණනාවක් හරහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විමසන්නට යෙදිණි.



Video Story