කර්මාන්ත අමාත්‍යංශයේ මගපෙන්වීම යටතේ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කරනු ලැබූ කර්මාන්ත 2022: ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයට අයිඩියල් ව්‍යාපාර සමූහය නියෝජනය කරමින් ඉදිරිපත් කළ ප්‍රදර්ශන කුටියට ඉහළ ජනතා ප්‍රතිචාර ලැබී තිබේ.
මෙම ප්‍රදර්ශනය මෙම මස 03 වැනිදා සිට 06 වැනිදා දක්වා පෙරවරු 9 සිට රාත්‍රී 9 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ප්‍රදර්ශන භූමියේ පැවති අතර ඒ සඳහා මෙරට ප්‍රමුඛතම කර්මාන්ත විස්සක් නියෝජනය කරමින් ඉදිරි පෙළ කර්මාන්තකරුවන් ප්‍රදර්ශන කුටි හාරසියයක් පමණ ඉදිරිපත් කර තිබිණි.
කර්මාන්ත 2022 : ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයට අයිඩියල් ව්‍යාපාර සමූහය නියෝජනය කරමින් එම ව්‍යාපාර සමූහයට අයත් ආයතන පහක් සිය නිෂ්පාදනයන් ජනතාවට ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා තිබුණි. අයිඩියල් ඉන්ඩස්ට්‍රිස් ප්‍රයිවට් ලිමිටඩ්, අයිඩියල් මොඩිකොන් ඉංජිනියරින්, මහින්ද්‍ර අයිඩියල් ලංකා, අයිඩියල් මෝටර්ස් සහ අයිඩියල් වෘත්තීය පුහුණු ඒකකය යන ආයතන මෙලෙස එම ප්‍රදර්ශනය නියෝජනය කරන ලදී.
ඒ අනුව මෙම ප්‍රදර්ශනය නැරඹීම සදහා පැමිණි ජනතාව දේශීය කොටස් සියයට තිහකට වැඩි අගයක් එකතු කර මෙරටදී එකලස් කරන මහින්ද්‍ර KUV100NXT පෙට්‍රල් හා ඩීසල් රථය මහින්ද්‍ර Bolero City Pik-Up රථ සඳහා මෙරටදී නිපදවන අමතර කොටස් නිෂ්පාදනය ඇතුළු එම රථ නිෂ්පාදන ක්‍රියාවලිය දැක ගැනීමේ අවස්ථාව සලසා තිබීම විශේෂත්වයක් විය. එමෙන්ම අයිඩියල් මෝටර්ස් මෙරට ආරක්ෂක අංශ වෙත විශේෂයෙන් සැලසුම් කරන ලද රථයක් හා අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම මහතාගේ සංකල්පයකට අනුව මෙරට දී නිෂ්පාදනය කරන ලද (ඉදිරියේදී මෙරට වෙළෙඳපොළට හඳුන්වා දීමට නියමිත) විද්‍යුත් බලයෙන් ක්‍රියා කරන රථයක්ද ප්‍රදර්ශනයට එක් කර තිබුණි.
අයිඩියල් ඉන්ඩස්ට්‍රීස් ප්‍රයිවට් ලිමිටඩ් යටතේ මහින්ද්‍ර KUV100 NXT පෙට්‍රල් හා ඩීසල් රථ, මහින්ද්‍ර Bolero City Pik-Up රථ සඳහා ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතුව මෙරට දී නිෂ්පාදනය කරනු ලබන ආසන පද්ධතිය නිෂ්පාදනය කරනු ලබන ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම, අයිඩියල් මොඩිකොන් ඉංජිනියරින් යටතේ ඉහත සඳහන් රථ සඳහා අවශ්‍ය සයිලන්සර් පද්ධතිය, පෙට්‍රල් හා ඩීසල් ටැංකි, Bolero City Pik-Up රථ සඳහා භාණ්ඩ ප්‍රවාහනයට අවශ්‍ය වන තට්ටුව (බඳ) නිෂ්පාදනය සිදු කරන ආකාරය, වැලිපැන්නේ පිහිටි මහින්ද්‍ර අයිඩියල් ලංකා සමාගම මගින් එම රථ එකලස් කරන ආකාරය දැක බලා ගැනීම සඳහා ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි ජනතාව මහත් උනන්දුවක් දැක්වීය.
වැලිපැන්නේ පිහිටා ඇති මෙම මහින්ද්‍ර අයිඩියල් ලංකා සමාගම, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ඉන්දියාවේ මහින්ද්‍ර ඇන්ඩ් මහින්ද්‍ර සමාගමේ නිර්නායකයන්ට අනුව ක්‍රියාත්මක වේ. මෙම කර්මාන්ත ශාලාව ලොව පුරා පිහිටා ඇති මහින්ද්‍ර ඇන්ඩ් මහින්ද්‍ර සමාගමේ තවත් එක් කර්මාන්ත ශාලාවක් ලෙස ක්‍රියාත්මක වන අතර ජාත්‍යන්තරව පිළිගත් වාහන නිෂ්පාදනය කරන ආයතනයක නියමයන්ට අනුව දේශිය කොටස් එකතු කරමින් මෙරටදී වාහන එකලස් කරන එකම කර්මාන්ත ශාලාවද මෙය වේ. මෙම කර්මාන්ත ශාලාව මගින් මෙරටදී එකලස් කරනු ලබන මහින්ද්‍ර KUV 100NXT ඩීසල් හා පෙට්‍රල් රථ මේ වන විට ඉන්දියාවේ නිෂ්පාදනය කිරීම නතර කර ඇති අතර ඉදිරියේදී මෙම රථ ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත අපනයනය කිරීමද මෙම කර්මාන්ත ශාලාව මගින් සිදු කිරීමට නියමිතය.
එමෙන්ම අයිඩියල් මෝටර්ස් යටතේ ප්‍රදර්ශනය සඳහා එක්කර තිබූ මහින්ද්‍ර KUV100NXT පෙට්‍රල් හා ඩීසල් රථ, මහින්ද්‍ර Bolero City Pik-Up රථ කෙරෙහිද ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි ජනතාවගේ විශාල ආකර්ශනයක් හිමි විය.
අයිඩියල් ඉන්ඩස්ට්‍රිස් ප්‍රයිවට් ලිමිටඩ් හා අයිඩියල් මොඩිකොන් ඉංජිනියරින් ආයතන වෙත මෙරට වාහන එකලස් කිරීමේ ක්‍රියාවලියේ නිරත තවත් සමාගම් විසින් ඔවුන්ගේ ඇණවුම් ලබා දීමද මෙම ප්‍රදර්ශනයේ දී සිදු වූ තවත් සුවිශේෂී සිදුවීමකි.
අයිඩියල් ව්‍යාපාර සමූහයේ සමාජ සුබසාධන ව්‍යාපෘතියක් ලෙස රත්මලාන නො. 60 ලිපිනයේ ස්ථාපිත අයිඩියල් වෘත්තීය පුහුණු ඒකකය උසස් අධ්‍යාපන හැදෑරීමට නොහැකිවු දරුවන් වෙනුවෙන් තාක්ෂණික දැනුම ලබා දීම සඳහා ආරම්භ කරන ලද්දකි. ප්‍රදර්ශන කුටියේ තිබූ ජංගම රථය කෙරෙහිද ජනතාව වෙතින් ඉහළ ආකර්ෂණයක් ලැබී තිබිණි. මේ සඳහා සහභාගි වන දරුවන්ට වාහනයේ එන්ජිමේ සිට අනිකුත් තාක්ෂණික සේවාවන් පිළිබඳ තාක්ෂණික දැනුම ලබා දෙන අතර NVQ level 04 දක්වා හැදෑරීමට අවස්ථාව උදාකර දී තිබේ. මෙහි පුහුණුව ලබන දරුවන්ට මාසික දීමනාවක්ද ලැබෙන අතර මෙම ආයතනයේම තවත් අංගයක් ලෙස 'සැමට කලින් ගමට තාක්ෂණය' යන තේමාව යටතේ ජංගම රථයක් මගින් පාසල් වලට හා තාක්ෂණික ආයතන වෙත ගොස් තාක්ෂණික දැනුම ලබාදීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක වේ.
මෙම නිශ්පාදන හා සේවාවන් සලකා බැලීමේදී , අයිඩියල් සමූහ ව්‍යාපාරය ශ්‍රීලංකාවේ අනාගත ආර්ථිකයට අතිමහත් දායකත්වයක් ලබා දෙන සලකුණු මනාව පෙන්නුම් කරයි.