December, 5, 2015
ශ්‍රී ලංකාවේ විශිෂ්ට කේම්බ්‍රිජ් අධ්‍යයන සම්මාන ජයග්‍රාහකයින්ගේ නම් කේම්බ්‍රිජ් ඉන්ටර්නැෂනල් ආයතනය විසින් පසුගියදා නිවේදනය කරන ලදි. මෙම සම්මාන උළෙලේ දී 2014 නොවැම්බර් සහ 2015 ජුනි කේම්බ්‍රිජ් විභාගවලින් විශිෂ්ට අධ්‍යයන දක්ෂතා පෙන්නුම් කළ ද්විතීක පාසල් සිසුන් ඇගයීමට ලක් කරන ලදි.
කේම්බ්‍රිජ් ඉන්ටර්නැෂනල් විභාගයන්හී ජාත්‍යන්තර ජාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ගයි චැප්මන් සහ බ්‍රිටිෂ් කවුන්සිල් ශ්‍රී ලංකා අධ්‍යක්ෂක කීත් ඩේවිස් ඇතුළුව කේම්බ්‍රිජ් ඉන්ටර්නැෂනල් ආයතනයේ නියෝජිතයින් කොළඹ කින්ස්බරි හෝටයේ දී පැවතී සම්මාන උළෙලේ දී ජයග්‍රාහී සිසුන්ට සුභ පතන ලදි.
විශ්වවිද්‍යාල අධ්‍යයනයන්හී සාර්ථකත්වය සඳහා මඟ පෙන්වන නිර්මාණශීලිත්වය, තාර්කික චින්තනය සහ ගැටළු විසදීම යනාදී කුසලතාවයන් වර්ධනය කිරීම සඳහා කේම්බි්‍රජ් වැඩසටහන් සහාය වන බව ශ්‍රී ලංකා පාසල් සංවර්ධන කළමනාකරු පංචාලිකා කුලතුංග පැවසුවාය “මෙම උළෙල කැපවීමෙන් ක්‍රියාකරන දක්ෂතාවයන්ගෙන් හෙබි තරුණ කැලගේ ජයග්‍රාහනයන් මෙන්ම ඔවුන්ගේ ගුරුවරුන්ගේ සහ දෙමාපියන්ගේ දායකත්වය අඟයනු වස් සංවිධානය කරන ලද්දකි. ජීවිතයේ සාර්ථකත්වය කරා පියවර තබන මෙම සිසුන්ට තමන් ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයන්හී පිළිගැනීම ලත් සුදුසුකමක් අත් කර ගෙන ඇතැයි දැන් විශ්වාසයෙන් යුතුව පැවසිය හැකි ය. නූතන ලෝකයේ සාර්ථකත්වය කරා පියනැගීමට දැන් ඔවුන් මනාව සන්නද්ධ වී ඇතැයි ඇය පැවසුවාය..“
කේමිබ්‍රිජ් විභාගවලින් විශිෂ්ට දස්කම් පෑ පාසල් 22ක සිසුන් 114 දෙනෙකු සම්මාන දිනා ගන්නා ලදි. ජීව විද්‍යාව විෂය සඳහා රෝයල් ඉන්ස්ටිටියුට් පාසලේ ගයත්‍රිනි ටරිෂා ප්‍රේමවර්ධන සහ ප්‍රංශ භාෂාව සඳහා යෝෂිධා ෂෝකන්ජි ඉන්ටර්නැෂනල් පාසලේ ඩී. සර්දා ප්‍රාර්ථනා පෙරේරා මෙම වසරේ දී කේම්බ්‍රිජ් සාමාන්‍ය පෙළ විභාගයේ එක් විෂයකට ලොව වැඩිම ලකුණු ලබා ගන්නා ලද සිසුන් අතරට එක්විය. මොවුන් දෙදෙනා සමඟ එක් විෂයකට ලොව වැඩිම ලකුණු ලබා ගත් ශ්‍රී ලාංකීය සිසුන් සංඛ්‍යාව 39 වේ. මෙම සිසුන් මනෝවිද්‍යාව, ගිණුම්කරණය සහ ව්‍යාපාර අධ්‍යයනය වැනි විවිධ විෂයන්හී විශිෂ්ටතා දක්වන ලදි.
කේම්බ්‍රිජ් සාමාන්‍ය පෙළ විභාගයේ ජීව විද්‍යා විෂය සඳහා ලොව වැඩිම ලකුණු ලබා ගත් ගයත්‍රිනි ටරිෂා ප්‍රේමවර්ධන මෙසේ පැවසුවාය “මම ජුනි මාසයේ දී කේම්බ්‍රිජ් සාමන්‍ය පෙළ සම්පූර්ණ කළ අතර ජීව විද්‍යාව විෂය සඳහා ලොව වැඩිම ලකුණු ලබා ගැනීම පිළිබඳව ඉතාමත් සතුටු වෙමි. එමෙන්ම භෞතික විද්‍යාව, රසායන විද්‍යාව සහ ඉංග්‍රීසි විෂයන් සඳහා ශ්‍රී ලංකාවේ ඉහළතම ලකුණු ලබා ගනිමින් විශිෂ්ට සමාර්ථ 7 ක් ලබා ගන්නා ලදි. “
“වසර 13 ක් පුරා රෝයල් ඉන්ස්ටිටියුට් පාසලේ සිසුවෙකු ලෙස මම ලබා ගත් ජයග්‍රාහනය මගේ ආදරණීය ගුරුවරුන්ගේ විශිෂ්ට අධ්‍යයන මාර්ගෝපදේශයන් මෙන්ම මගේ පවුලේ සාමාජිකයන්ගේ සහ යහළුවන්ගේ මඟ පෙන්වීම මනාව සංකේතවත් කරයි. මගේ ඒකායන අධ්‍යයන අරමුණ වුයේ සියළුම විෂයන්ගෙන් මනා දැනුමක් ලබා ගැනීම ය. විභාගය ලඟා වන විට මම ඇගයීම් ආකෘතිය සහ කාල කළමනාකරණය වර්ධනය කර ගැනීම සඳහා පසුගිය ප්‍රශ්න පත්‍ර සම්පූර්ණ කිරීමට අවධානය යොමු කළෙමි. මෙය සැබවින්ම ප්‍රීතිමත් අත්දැකීමක් වන අතර අනාගතයේ දීත් මෙවැනි ජයග්‍රාහනයන් කරා පිය නැගීමට මම අපේක්ෂා කරන්නෙමි. “
Video Story