පීපල්ස් ලීසිං සමාගම SLITAD People Development Awards – 2015 රන් සම්මානය දිනාගනී

    December, 9, 2015

    මහජන බැංකුවට අනුබද්ධිත ප‍්‍රමුඛතම බැංකු නොවන මූල්‍ය සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම SLITAD People Development Awards - 2015 සම්මාන උළෙලේදී රනින් පිදුම් ලැබීමට සමත් විය. ශී‍්‍ර ලංකා පුහුනු හා සංවර්ධන ආයතනය (SLITAD) විසින් වාර්ෂිකව සංවිධානය කරන මෙම සම්මාන උළෙල කොළඹ ගලදාරී හෝටලයෙ පසුගියදා පැවැත්වුණේ" මහාචාර්ය දයාන්ත විජේසේකර මහතාගේ ප‍්‍රධානත්වයෙනි.

    ශී‍්‍ර ලංකාවේ විශාලතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත සමාගමක් ලෙසින් 1995 දී ඇරඹූ පීපල්ස් ලීසිං සමාගම මේ වන විට අඛණ්ඩව 13 වසරක් පුරාවට මෙරට ලීසිං ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා ලෙස පිළිගැනීමට ලක්වී ඇත. පීපල්ස් ලීසිං සමාගම ෆිච් රේටිංස් ලංකා දේශීය ණය ශ්‍රේණිගතකිරීම් අනුව AA - (lka) ඉහළම ණය ශ්‍රේණිගතය හිමි මූල්‍ය සමාගමක් වේ. ජාත්‍යන්තර ණය ශ්‍රේණිගතකිරීම් 2ක් හිමි එකම මූල්‍ය සමාගම මෙන්ම ආසියාවේ වඩාත් විශ්වසනීය මූල්‍ය සන්නාම අතරට එක්වීමටද පීපල්ස් ලීසිං සමාගම සමත්ව සිටී.

    එහි විශේෂිත මූල්‍ය සේවාවන් අතර ලීසිං, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, පුද්ගලික හා ව්‍යාපාරික ණය පහසුකම්, ඉස්ලාමීය මූල්‍ය පහසුකම් වන අතර පීපල්ස් ඉන්ෂුවරන්ස්, පීපල්ස් මයික්‍රොෆිනෑන්ස්, පීපල්ස් ලීසිං ප්‍රොපටි ඩිවලොප්මන්ට්, පීපල්ස් ලීසිං ෆ්ලීට් මැනේජ්මන්ට් හා පීපල්ස් ලීසිං හැව්ලොක් ප්‍රොපටීස් යන සමාගම් එහි අනුබද්ධිත ආයතන වෙති. සියලූ මූල්‍ය සේවාවන් එකම ස්ථානයකින් ලබාගත හැකිවීමෙන් ගනුදෙනුකරුවන්ට තම මූල්‍ය සේවාවන් කඩිනමින් හා අවම පිරිවැයකින් සපුරාගැනීමේ අවස්ථාව සැලසීම පීපල්ස් ලීසිං සමාගමේ සුවිශේෂත්වය වේ.

    මානව සංවර්ධනයේ යහකි‍්‍රයාකාරීත්ව ප‍්‍රවර්ධනයට කැප වූ ශී‍්‍ර ලංකාවේ එකම ආයතනය වන ශී‍්‍ර ලංකා පුහුනු හා සංවර්ධන ආයතනය (SLITAD) විසින් වාර්ෂිකව සංවිධානය කරන මෙම සම්මාන උළෙලේ සම්මාන සඳහා සුදුස්සන් තෝරාගැනීමේ නිර්ණායක වන්නේ රාජ්‍ය අංශය හා පෞද්ගලික ව්‍යාපාරික ආයතන තම මානව සංවර්ධනය වෙනුවෙන් සපයන දායකත්වය හා අදාල ආයතනයන් හි මූලෝපායන් සමග මානව සංවර්ධන ප‍්‍රතිපත්ති හා කි‍්‍රයාකාරකම් සෘජුව සම්බන්ධ වන ආකාරයය.

    සේවකයන් තම ආයතනය සතු වටිනාම වත්කම සේ සලකන පීපල්ස් ලීසිං සමාගමේ මානව සම්පත් අංශය, සේවකයන්ගේ වෘත්තීමය ජීවිතය හා පෞද්ගලික ජීවිතය සංවර්ධනය කිරීමෙහිලා වසර පුරාම දැවැන්ත කාර්යභාරයක් සිදු කරනු ලබයි. වාර්ෂිකව සකස් කළ දින දසුනකට අනුව තම සේවකයන්ට අවශ්‍ය වැඩමුළු, දේශීය විදේශීය පුහුනුවීම් හා සුහද හමු සංවිධානය කරන මානව සම්පත් අංශයේ අරමුණවන්නේ, වසර 13ක් අඛණ්ඩව ලීසිං ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා බවට පත්වීමට සේවක දායකත්වය ඉවහල් වූ බව හා මෙරට ආයතන අතුරෙන් රැකියාවෙහි යෙදීමට පීපල්ස් ලීසිං සමාගම වඩාත් සුදුසු බව තම කාර්ය මණ්ඩලයට ඒත්තු ගැන්වීමයි.

    පීපල්ස් ලීසිං සමාගම් සමූහයෙහි මානව සම්පත් අංශයේ ප‍්‍රධාන කළමනාකරු යුරේෂ් ජයසේකර මහතා මෙම සම්මානය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසුවේ, "මෙම රන් සම්මානය හිමිවීමෙන් අප සමාගම කෙරෙහි කාර්ය මණ්ඩලය තුළ වූ දැඩි විශ්වාසය තවදුරටත් ශක්තිමත් වූවා. ජන හිතකාමී ලීසිං සමාගමක් ලෙසින් ප‍්‍රකට අප සමාගම, කාර්ය මණ්ඩලයේ සිට කුඩාම ගනුදෙනුකරුවා දක්වාම දැඩි ලෙන්ගතු හැගීමකින් කටයුතු කිරීමෙන් පසුගිය දශක කිහිපයේදී ජයග‍්‍රහණ රැසකට හිමිකම් කීමට අපට හැකි වුණා. පීපල්ස් ලීසිං හි ශක්තිය වන්නේ අපේ කාර්ය මණ්ඩලයයි. එහෙයින් ඔවුන්ට යහපත් අනාගතයක් හිමි කරදීමට මෙන්ම අනාගත කළමනාකරුවන් බවට පත්වීමට අවශ්‍ය සියලූ පහසුකම් හා දිරිදීම් සැපයෙනවා. අපේ මානව සංවර්ධන අංශයේ මූලෝපාය වන්නේ පුහුනුව, සංවර්ධනය හා සුබසාධනය" යන්නය.

    ජායාරූප විස්තරය -පීපල්ස් ලීසිං සමාගමේ කළමනාකාරීත්වය සහ මානව සම්පත් අංශයේ කාර්ය මණ්ඩලය SLITAD People Development Awards - 2015සම්මානය සමඟ