SINGER වෙතින් සෝනි Xperia Z5 කාණ්ඩයේ ස්මාර්ට්ෆෝන් පෙළක්

    December, 11, 2015

    ශ්‍රී ලංකාවේ අංක එකේ වෙළඳ නාමය සහ ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් සැපයුම්කරු වන සිංගර් ශ්‍රීලංකා සමාගම මෙරට සෝනි නියෝජිත කාර්යාලය හා අත්වැල් බැඳ ගනිමින් Xperia Z5 සහ Xperia Z5 Compact, මෙන්ම ලොව ප්‍රථම වරට 4K ස්මාර්ට්ෆෝනයක් ලෙස Xperia Z5 Premium යනාදී වශයෙන් නව ස්මාර්ට්ෆෝන් පෙළක් වෙළඳ පලට හඳුන්වා දෙයි. මෙම අවස්ථාවට අග්නිදිග ආසියාවේ සහ ශ්‍රී ලංකාවේ සෝනි නියෝජිත කාර්යාල ප්‍රධානි ඇලෙක්ස් යී මහතා, සිංගර් ශ්‍රී ලංකා සමාගමේ වෙළඳ හා අලෙවි අධ්‍යක්ෂ මහේෂ් විජේවර්ධන යන අය එක්ව සිටියහ. මෙම අවස්ථාව කොළඹ 02 සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී පැවැත්විණ.

    ස්වීඩනයේ සහ ජපානයේ පිහිටි සෝනි නිර්මාණ මධ්‍යස්ථානයේ දී මෙම Xperia Z5 ස්මාර්ට්ෆෝන් පෙළ නිර්මාණය කර ඇත. ස්මාර්ට්ෆෝනයේ ආරක්ෂාව පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වමින් මෙම නිෂ්පාදන පෙළ නිර්මාණය කර තිබේ.

    ලෝහමය රාමුවක්, සවි ශක්තිය සහිත මතුපිට තිරයක් සහිතව නිපදවා ඇති මෙම ස්මාර්ට්ෆෝනය ජලයට ඔරොත්තු දෙන ලෙස නිපදවා තිබේ. අඟල් 5.2 ක පුළුල් තිරයකින් යුක්ත Xperia Z5 ස්මාර්ට්ෆෝනය 2015 වසරේ විලාසිතාවට අනුව නිපදවා තිබේ. සුදු , ග්‍රැෆයිට් කළු , රන්වන්, සහ කොළ වර්ණ වලින් සිය කැමැත්ත පරිදි පාරිභෝගිකයාට මෙම Xperia Z5 ස්මාර්ට්ෆෝන් මිලදී ගත හැකිය.

    ශ්‍රී ලංකාවේ සෝනි නියෝජිත කාර්යාල ප්‍රධානි ඇලෙක්ස් යී මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවට නවීන තාක්ෂණයෙන් යුත් ස්මාර්ට්ෆෝන් හඳුන්වාදීමට ලැබීම පිළිබඳව සතුටට කරුණක් බවයි. සෝනි Xperia Z5 ස්මාර්ට්ෆෝන් පෙළ පාරිභෝගිකයාගේ ජීවන රටාව පහසු කරවන බවත් මෙම ස්මාර්ට්ෆෝන් පෙළ පාරිභෝගිකයාට ජීවන සහකරුවෙක් වනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

    සෝනි Xperia Z5 Compact ස්මාර්ට්ෆෝනය සුවිශේෂි කැමරා පහසුකම් වලින් යුක්ත වෙයි. පහසුවෙන් සාක්කුවේ රැගෙන යා හැකි මෙම ස්මාර්ට්ෆෝනය අඟල් 4.6 ක තිරයකින් යුක්ත වෙයි. එමෙන්ම තනි අතින් හැසිරවීමේ පහසුකම සමඟ වෙළෙද පොළට එන මෙම ස්මාර්ට්ෆෝනය සුදු සහ කළු පැහැයට අමතරව කහ සහ කොරල් පැහැයෙන්ද හැඩවී තිබේ.

    සිංගර් ශ්‍රී ලංකා සමාගමේ වෙළඳ හා අලෙවි අධ්‍යක්ෂ මහේෂ් විජේවර්ධන මහතා සඳහන් කලේ “අවේණික ආකර්ශණීයත්වයකින් වෙළඳ පොලට එන සෝනි ස්මාර්ට්ෆෝන් පාරිභෝගික අවශතාව සහ සිතුම් පැතුම් හඳුනා ගනිමින් නිරන්තරයෙන් වෙළඳෙපොළට නව නිෂ්පාදන ඉදිරිපත් කරන බවයි.මේ නිසා පාරිභෝගික ආකර්ශනය වැඩිපුර දිනා ගැනීමට සෝනි ස්මාර්ට්ෆෝන් සමත්වන බවද හෙතෙම සඳහන් කරයි.

    දින දෙකක් දක්වා වන සුවිශේෂි බැටරි ආයු කාලයකින් යුක්ත වන මෙම Xperia Z5 සහ Xperia Z5 Compact ස්මාර්ට්ෆෝන් power-saving තාක්ෂණයෙන් යුක්ත වෙයි. Xperia Z5 Premium යනු ලෝකයේ පළමු 4K ස්මාර්ට්ෆෝනය වන අතර එය තියුණු අඟල් 5.5ක 4K TRILUMINOS තිරයකින් යුක්ත වෙයි.මෙම තිරය මගින් අති සුපැහැදිලි ඡායාරූප සහ වීඩියෝ නැරඹීමේ හැකියාව හිමිවෙයි.

    Xperia Z5 රු 119,999 ක මිලකින් යුක්ත වන අතර, Xperia Z5 Compact රු 99,999 ක මිලකින් යුක්ත වෙයි. Xperia Z5 Premium ස්මාර්ට්ෆෝනයක් රු 134,999 ක් වෙයි. සියලුම සෝනි ජංගම දුරකථන සහ ස්මාර්ට්ෆෝන් ශ්‍රී ලංකාවේ අංක එකේ ස්මාර්ට්ෆෝන් අලෙවිකරු වන සිංගර් ශ්‍රී ලංකා සමාගම විසින් දිවයින පුරා බෙදාහරිනු ලබයි. සිංගර් සතුව පවතින අලෙවිසැල් 400 කට අධික ප්‍රමාණය සහ 1500 කට අධික අලෙවි නියෝජිත ජාලයක් හරහා මෙම කීර්තිමත් නිෂ්පාදන පාරිභෝගිකයා වෙත තිළිණ කෙරෙයි. සිංගර් ප්ලස්, සිංගර් මෙගා, සිසිල් වර්ල්ඩ්, ආදී වශයෙන් දිවයින පුරා පැතිරුණ අලෙවි ජාලයක් සිංගර් සතුව පවතියි.