December, 11, 2015
ශ්‍රී ලංකා වරළත් ගණකාධිකරණ ආයතනය විසින් අති උත්කර්ෂවත් අයුරින් සංවිධානය කළ 2015 වාර්ෂික වාර්තා සම්මාන ප්‍රදානයේදී බැංකු අංශයේ හොඳම වාර්ෂික වාර්තාව වෙනුවෙන් පිරිනමන එඩ්මන්ඩ් ජේ. කුරේ අනුස්මරණ සම්මානය, කළමනාකරණ නිරීක්ෂණය වෙනුවෙන් පිරිනමන රන් සම්මානය, ආයතනික යහපාලන අනාවරණය සඳහා රිදී සම්මානය, සමස්ත අංශයේ වාර්ෂික වාර්තා වෙනුවෙන් පිරිනමන ලෝකඩ සම්මානය සහ ආයතනික සමාජ වගකීම් වාර්තාකරණය වෙනුවෙන් පිරිනමන ලෝකඩ සම්මානය දිනාගැනීමට කොමර්ෂල් බැංකුව සමත්විය.
මෙම සම්මාන පහ දිනාගැනීමත් සමගම මෙම රාත්‍රියේදී වැඩිම සම්මාන ප්‍රමාණයක් දිනාගත් බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත්වූ අතර මෙයින් නැවත වතාවක් සනාථ වූයේ විනිවිදභාවය සහ යහ පාලනය වෙනුවෙන් බැංකුවේ තිඛෙන කැපවීමයි. 2001 වසරේ සිට කොමර්ෂල් බැංකුවේ වාර්ෂික වාර්තාව 09 වතාවක් සියළු අංශ සැලකීමේදී හොඳම වාර්ෂික වාර්තාව බවට පත්වී තිඛෙන අතර බැංකු අංශයේ හොඳම වාර්ෂික වාර්තාවට හිමි සම්මානය මෙවර දිනාගත්තේ 12 වන වතාවටයි.
“ඕනෑම ලැයිස්තුගත සමාගමක් විසින් සකස් කරන ඉතාමත් වැදගත් ලියකියවිල්ල වන්නේ වාර්ෂික වාර්තාවයි. නිවැරදි සහ පරිපූර්ණ අනාවරණයන් අවශ්‍ය වන මූල්‍ය සේවා අංශයේදී වාර්ෂික වාර්තාවක වටිනාකම සුවිශේෂියි“, යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී, ජෙගන් දුරෙයිරත්නම් මහතා පැවසීය.
“මෙරට විශාලතම පුද්ගලික වාණිජ බැංකුව ලෙස මූල්‍ය වාර්තාකරණයේ මිණුම් ලකුණක් වීම අපගේ වගකීම යැයි අපි සිතනවා. 12 වන වතාවටත් බැංකු අංශයේ රන් සම්මානය දිනා ගැනීමත් කළමනාකරණ නිරීක්ෂණය වෙනුවෙන් රන් සම්මානයෙන් පිදුම් ලැබීමත් මූල්‍ය ආයතනයක් වෙනුවෙන් ලැබුණු සුවිශාල ඇගයීමක් ලෙස සැලකිය හැකියි. මේ තුළින් අපගේ වාර්ෂික වාර්තාව වෙනුවෙන් කැපවුණු කණ්ඩායමත්ල විනිවිදභාවය වෙනුවෙන් බැංකුවේ තිඛෙන කැපවීමත් බුහුමනට පත්කර තිඛෙනවා.“
‘Combanking‘ යන තේමාවෙන් නිකුත් කෙරුණු කොමර්ෂල් බැංකුවේ සම්මානලාභී 2014 වාර්ෂික වාර්තාව පිටු 432 කින් යුක්ත වේ. මෙම වාර්ෂික වාර්තාවේ HTML වෙබ් සහ ජංගම දුරකතන සංස්කරණයන් www.combank.lk වෙබ් අඩවිය තුළින් ලබාගත හැකිය.
ශ්‍රී ලංකා වරළත් ගණකාධිකරණ ආයතනය විසින් පිරිනැමූ මෙම සම්මාන මගින් පිළිඹිබු වන්නේ කොටස් හිමියන් වෙත මූල්‍ය සහ මූල්‍ය නොවන තොරතුරු සන්නිවේදනය කිරීමේ බැංකුවේ ඉහළ කාර්යක්ෂමතාවය සහ නීතිමය අවශ්‍යතා මෙන්ම පිළිගත් ගණකාධිකරණ යහ භාවිතය පිළිබඳ තිඛෙන දැඩි අනුකූලතාවයයි. සම්මාන සඳහා වාර්ෂික වාර්තා ඇගයීමකට ලක් කළ වරලත් ගණකාධිකරණ ආයතනය විසින් ආයතනයේ අරමුණු, සාරාංශ, කාර්ය සාධනය, කළමනාකරණය යන කරුණු අදාළ වන කණ්ඩායම සඳහා ඉතාමත් හොඳින් සන්නිවේදනය කිරීමට දක්වා තිඛෙන හැකියාව ඇගයීමට ලක් කරන ලදී.
ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ආයතනවල මූල්‍ය වාර්තාකරණය යන ක්ෂේත්‍රයේ විනිවිදභාවය, සමාජ වගකීම සහ යහ පාලනයේ විශිෂ්ටත්වය වෙනුවෙන් දිරිදෙන ශ්‍රී ලංකා වරළත් ගණකාධිකරණ ආයතනයේ වාර්ෂික වාර්තා තරඟාවලිය පැවැත් වෙන්නේ 1964 සිටයි.
සේයාරුව - සමස්ත අංශයේ වාර්ෂික වාර්තා වෙනුවෙන් පිරිනමන ලෝකඩ සම්මානය කොමර්ෂල් බැංකුව ලබාගනී.
Video Story