December, 14, 2015
ශ්‍රී ලංකාවේ පුද්ගලික සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ අති නවීන තාක්ෂණය යොදාගනිමින් පිළිකා සඳහා ප්‍රතිකාර සිදුකරන සෙලින්කෝ හෙල්ත්කෙයා සර්විසස් ලිමිටඩ් සමාගමට අයත් කොළඹ පිහිටි නවතම ටොමෝතෙරපි ප්‍රතිකාර මධ්‍යස්ථානය මගින් ප්‍රතිකාර කර තිඛෙන රෝගීන් සංඛ්‍යාව 200 ඉක්මවා ඇති අතර මෙම මධ්‍යස්ථානය පසුගිය ඔක්තෝම්බර් මාසයේදී දෙවර්ෂ පූර්ණය සමරන ලදී.
මෙහීදී, කැපී පෙනෙන්නේ අරඹා පළමු වසර තුළදී මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය විසින් පූර්ණ විකිරණ ප්‍රතිකාර විසඳුම් ලබාදීමේ හැකියාව විදහා දක්වමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ස්ටරියෝටැක්ටික් බොඩි රේඩියේෂන් තෙරපි (SBRT) ප්‍රතිකාරයද සිදුකර තිබීමයි. දෙවන වසර අවසන් වන විට මෙවැනි ප්‍රතිකාර 05 ක් සිදුකර තිබුනි.
පිළිකා සඳහා දියුණු ප්‍රතිකාර සිදුකිරීමට මේ ආකාරයේ ලංකාවේ තිඛෙන එකම ස්ථානය වන්නේ මෙම ටොමෝතෙරපි ප්‍රතිකාර මධ්‍යස්ථානයයි. මෙහිදි, පිළිකාවල ඉතාමත් නිවැරදි ඡායාරූප ලබාගනිමින් බොහෝ පිළිකා සඳහා විකිරණ ප්‍රතිකාර ලබාදීම මෙම මධ්‍යස්ථානයෙන් සිදුකරයි.
“රෝගීන්ගෙන් රෝගීන්ට ලබාදිය යුතු විකිරණ ප්‍රතිකාර වලට වැයවන කාලය වෙනස් වෙනවා. වසර දෙකක් තුළදී රෝගීන් 200 දෙනෙකුට ප්‍රතිකාර ලබාදීම කැපී පෙනෙන්නේ ලංකාවේ මෙවැනි පහසුකමක් නොතිබුණා නම් ඔවුන්ට විදේශගත වීමට සිදුවීම නිසයි“, යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ හෙල්ත්කෙයා සර්විසස් ලිමිටඩ් සභාපති, ආර්. රෙන්ගනාදන් මහතා සඳහන් කළේය. “ශ්‍රී ලාංකිකයින්ට ගෝලීය තත්ත්වයේ පිළිකා ප්‍රතිකාර තමන්ගේ රට තුළදීම ලබාගැනීමට සඳහා අප විසින් සිදුකළ ආයෝජනය අවශ්‍යම දෙයක්.“
සෙලින්කෝ හෙල්ත්කෙයා සර්විසස් ලිමිටඩ් සමාගමට අයත් සෙලින්කෝ විකිරණ ප්‍රතිකාර ඒකකය 2007 සැප්තැම්බර් මාසයේදී › ලංකාවට ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍රය හඳුන්වා දීමෙන් පසුව 2015 ඔක්තෝම්බර් මාසය අවසන් වනවිට රෝගීන් 2,950 කට වැඩි සංඛ්‍යාවකට ප්‍රතිකාර කර තිබේ.
ටෝමොතෙරපි ප්‍රතිකාර ක්‍රමය යනු ත්‍රිමාණ ප්‍රතිරූප ආශ්‍රිත නවතම විකිරණ ප්‍රතිකාර ක්‍රමයකි. රෝගියාගේ ව්‍යුහය දිනෙන් දිනම වෙනස් විය හැකි නිසා ප්‍රතිරූප ආශ්‍රිත විකිරණ තෙරපි ප්‍රතිකාර ක්‍රමය මගින් පටකවල වැඩිවීමක් හා අඩුවීමක් මෙන්ම රෝගියාගේ බර අඩුවීමක් හෝ අනිකුත් වෙනස් වීමකදී අවශ්‍ය ක්ෂණික වෙනස් කිරීම් කිරීමට වෛද්‍යවරයාට හැකියාව ලැබේ.
ටෝමොතෙරපි ප්‍රතිකාර පද්ධතිය භාවිතා කිරීමෙන් ප්‍රතිකාර සඳහා විකිරණ ලබා දීමට පෙර පිළිකාවේ තත්ත්වය පිළිබඳව වඩාත් නිවැරදි විනිශ්චයට එළඹීමට වෛද්‍යවරයාට පහසුකම් සැලසේ. එමගින් පිළිකාව වටා ඇති නීරෝගී සෛලවලට විකිරණ මගින් සිදුවන හානිය අවම වේ.
ශ්‍රී ලංකාවේ තම දෙවන විකිරණ ඔන්කොලොජි ඒකකය විවෘත කරනු ලැබුවේ සෙලින්කෝ ලයිෆ් සමාගමට අනුබද්ධ සෙලින්කෝ හෙල්ත්කෙයාර් සර්විසස් ලිමිටඩ් විසිනි. ටෝමොතෙරපි ක්ෂේත්‍රයේ ලෝකයේ ප්‍රමුඛයෙකු වන ඇමරිකාවේ Accuray Inc. සමාගමේ නවතම TomoHD™ ප්‍රතිකාර පද්ධතිය මෙම නව ඒකකයේ පිහිටුවා තිබේ.
මෙම විකිරණ ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකම එකිනෙකට සමීපව කොළඹ 02, පාර්ක් වීදියේ පිහිටුවා තිබේ. නව ටෝමොතෙරපි මධ්‍යස්ථානය අංක 70 දරණ ස්ථානයේත් ලීනියර් ඇක්සලරේටර් ඒකකය අංක 60 දරණ ස්ථානයේත් ඇත.
සෙලින්කෝ හෙල්ත්කෙයාර් සර්විසස් සමාගමට අති නවීන සෙලින්කෝ විකිරණ ප්‍රතිකාර ඒකක වලට අමතරව සෙලින්කෝ හෙල්ත්කෙයාර් මධ්‍යස්ථානය සහ සෙලින්කෝ දියවැඩියා මධ්‍යස්ථානය අයත් වන අතර මේවා පිහිටා තිඛෙන්නේ කොළඹ 02, පාර්ක් වීදියේයි. මේවා මගින් පරිපූර්ණ ප්‍රතිකාර සේවාවන් ලබාදෙයි.
Video Story