December, 14, 2015
සුප්‍රකට තාක්ෂණ සමාගමක් වන Leapset මේ වනවිට එහි සන්නාමය CAKE ලෙස වෙනස් කර ඇත. ඊට සමගාමීව එහි ඉංජිනේරු සමාගම වූ Leapset Engineering දැන් CAKE LABS නමින් සන්නාම ගන්වා තිබේ. මෙරට වේගයෙන්ම දියුණුවන තාක්ෂණික සමාගම් අතරින් එකක් වන CAKE LABS පසුගිය කාලය තුළ වේගවත් දියුණුවක් අත්පත් කරගැනීමට සමත් විය. මෙම නව වෙනස නිසා සමාගම සිලිකන් නිම්නයට (Silicon Valley) තවතවත් සමීප වන අතර ඒ ඔස්සේ ලොව නවීනතම තාක්ෂණය වඩාත් ඉක්මනින් මෙරටට හඳුන්වා දීමට සමාගමට හැකියාව ලැඛෙනු ඇත.
“Leapset Engineering සමාගම CAKE LABS ලෙස අලූතින් සන්නාම ගැන්වීම අපට ඉතාමත් වැදගත්. මේ නිසා අපේ මවු සමාගම සමග වඩාත් සමගාමී වීමට වගේම ශ්‍රී ලංකාව තුළ සිලිකන් නිම්න සමාගමක් ලෙස ක්‍රියාත්මක වීමට අපට අවස්ථාව හිමිවෙනවා. අපේ තාක්ෂණික විසඳුම්වලදී අපි භාවිතා කරන්නේ Facebook, Apple & Google වැනි සමාගම් භාවිතා කරන තාක්ෂණයමයි. මේ ඔස්සේ ආපනශාලා ක්ෂේත්‍රයට ගැළපෙන පරිපූර්ණ තාක්ෂ‚ක විසඳුම් ලබාදීමට අප කටයුතු කරනවා.“ CAKE LABS හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ජ්‍යෙෂ්ඨ උප සභාපති (ඉංජිනේරු සේවා) ශනිල් ප්‍රනාන්දු මහතා පැවසී ය.
CAKE Corporation හි කොටසක් වන CAKE LABS මේ වනවිට ආපනශාලා තාක්ෂ‚ක පදනමක් නිර්මාණය කර ක්‍රියාත්මක කර තිබේ. CAKE Corporation යනු ලොව ආපනශාලා ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු සහ Fortune 500 සමාගමක් වන Sysco (NYSE: SYY) සමූහයට අනුබද්ධ සමාගමකි.
මේ වනවිට CAKE පදනම මගින් වෙළඳ ආයතන හා පාරිභෝගිකයන් අතර සම්බන්ධතාව පෙරළියකට ලක්කරන, රට පුරා පැතිරුණු ඒකාබද්ධ විසඳුම් මාලාවක් හඳුන්වා දී ඇත.
“මිනිස් ජීවිත සහ ව්‍යාපාර ක්ෂේත්‍ර පූර්ණ පරිවර්තනයකට ලක්කිරීමේ හැකියාව තාක්ෂණය සතුව තිඛෙනවා. අප හැමවිටම උත්සහ කරන්නේ එවැනි තාක්ෂණයන් හඳුන්වා දීමටයි. මේ අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා අපි පාරිභෝගිකයන් හා වෙළඳුන් අතර ඇති සම්බන්ධතාව සහ ඔවුන් එකිනෙකා මුණගැසෙන තැන් පිළිබඳව අවධානය යොමුකරනවා. කෙනෙකු ආපනශාලාවක් සොයාගන්නා ආකාරය, එහි වෙලාවක් හෝ ස්ථානයක් වෙන්කරගන්නා ආකාරය, ගෙවීම් කරන ආකාරය සහ එම ආපනශාලාවට නැවත පැමිŒමට පෙළඹෙන හේතු ආදිය මෙහිදී ඉතාමත් වැදගත්. අප උත්සාහ කරන්නේ මෙම ක්‍රියාවලිය වඩාත් පහසු කරමින් එහි අනිවාර්ය අංගයක් බවට අපේ තාක්ෂණය පත්කිරීමයි.“ CAKE හි ප්‍රධාන විධායක නිලධාරී මානි කුලසූරිය මහතා පැවසී ය.
මේ වනවිටත් ගෙවීම් කරන ස්ථාන සඳහා CAKE හඳුන්වා දී ඇති Point of Sale System භාවිතා කරමින් ඇමරිකානු ඩොලර් බිලියනයකට වැඩි ගනුදෙනු සිදුවී ඇති අතර ආපනශාලා වෙන්කරවා ගැනීම් සඳහා මිලියන 45 කට අධික පිරිසක් එහි Guest Manager Reservation පද්ධතිය භාවිතා කර තිබේ.
මෙම පද්ධතීන් තවදුරටත් දියුණු කිරීම සඳහා ජාත්‍යන්තර තලයේ දක්ෂ වෘත්තිකයන් ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීමට CAKE LABS පියවර ගෙන ඇත. මෙය දැනටමත් ඛෙහෙවින් සාර්ථක ප්‍රතිඵල අත්කර දී ඇති අතර සමාගම සැබවින්ම සිලිකන් නිම්න සමාගමක් බවට පත්කිරීම සඳහා මෙය විශාල දායකත්වයක් ලබා දී තිබේ.
“සිලිකන් නිම්නයේ ඉංජිනේරුවන් කිසියම් සමාගමකට එක්වන්නේ තමන් කේතකරණය සිදුකරන පරිගණක භාෂාව හෝ භාවිතා කරන රාමුව වැනි දේ අනුව නොවෙයි. ඔවුන් එක්වන්නේ ලොව විවිධ ක්ෂේත්‍ර සම්පූර්ණ පරිවර්තනයකට ලක්කිරීමේ හැකියාව සහිත සමාගම්වලටයි. CAKE LABS යනු ශ්‍රී ලංකාව තුළ ඉංජිනේරුවෙකුට එම අත්දැකීම ලබාදීමේ හැකියාව සහිත සමාගම් කිහිපයෙන් එකක් ලෙස හඳුන්වන්නට පුළුවන්. CAKE LABS ලෙස අලූතින් සන්නාම ගැන්වීමත් සමග මේ සුවිශේෂී බව තවත් වැඩිවේවි කියා අප විශ්වාස කරනවා.˜ ශනිල් ප්‍රනාන්දු මහතා අවධාරණය කළේ ය.
CAKE LABS හි තවත් විශේෂත්වයක් වන්නේ එය එක් ක්ෂේත්‍රයක හෝ එක් පරිගණක භාෂාවක පමණක් විශේෂඥභාවය සහිත ඉංජිනේරුවන් වෙනුවට, නිෂ්පාදන හඳුන්වා දීමට අවශ්‍ය තාක්ෂණය සම්බන්ධ පූර්ණ දැනුම සහිත ඉංජිනේරුවන් බිහිකරන සමාගම් කිහිපය අතරින් එකක් වීමයි. කුඩා, එහෙත් ශක්තිමත් කණ්ඩායම් ලෙස ක්‍රියාත්මක වන CAKE LABS තුළදී ඉංජිනේරුවෙකුට සැබෑ ලෝකයේ ඇති ගැටලූ පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාගෙන ඒවාට අවශ්‍ය විසඳුම් නිර්මාණය කිරීමේ අවස්ථාව හිමි වේ.
Video Story