December, 16, 2015
සිලෝන් බ්ස්කට්ස් සමාගමේ අනුබද්ධිත සමාගමක් වන කන්වීනියන්ස් ෆුඞ්ස් (ලංකා) පීඑල්සී සමාගමේ ප‍්‍රමුඛතම නිෂ්පාදනය වන ලංකාසෝයි, ශ‍්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී ආහාර-පාන නිෂ්පාදන අංශයෙන් නැවතත් රන් සම්මානයෙන් පිදුම් ලැබුවේය.
ලංකාසෝයි ගත වූ වසර විසි පහක කාලය තුළ මෙරට සෝයා නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ දැවැන්තයෙකු බවට පත්ව ඇත. සෝයා නිෂ්පාදන සඳහා ඉතා සීමිත අවධානයක් යොමුව තිබූ කලෙක ක්ෂේත‍්‍රයට ඇතුළත් වූ නිෂ්පාදනයක් වන ලංකාසෝයි, සෝයා නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ ශ‍්‍රී ලංකා ප‍්‍රමිති සහතිකය (SLS) හිමි කර ගත් ප‍්‍රථම සමාගම බවට ද පත් විය. ආරම්භයේදී අතින් ක‍්‍රියාත්මක වන මෙහෙයුම් පද්ධතියකින් යුතු වූ සමාගම, පසුව ස්වයංක‍්‍රීය මෙහෙයුම් පද්ධතියකට පරිවර්තනය විය. ඉහල ගුණාත්මක බවින් යුතු නිෂ්පාදන ක‍්‍රියාවලියකට හිමිකම් කියන සමාගමක් ලෙස සිය නාමය තවදුරටත් ස්ථාපිත කරමින්, ISO 9001:2008, ISO 22000:2005, GMP, HACCP තත්ත්ව සහතික වලට ද හිමිකම් කීවේය.
සෝයා නිෂ්පාදන ක්ෂේත‍්‍රය තුළ සිය නාමය තවදුරටත් සවිමත් කරමින් ලංකාසෝයි විවිධ හැඩයෙන් සහ රසයෙන් යුතු නිෂ්පාදන පෙළක් වෙළඳපලට හඳුන්වා දුන්නේය. ලංකාසෝයි නවතම හඳුන්වාදීම වන iCook ස්ටර් ෆ‍්‍රයි මේ අතරට එක්වූ සුවිශේෂී නිෂ්පාදනයකි. iCook ස්ටර් ෆ‍්‍රයි සාම්ප‍්‍රදායික ක‍්‍රමය වෙනුවට ස්ටර් ෆ‍්‍රයි ආකාරයෙන් පිළියෙල කරගත හැකිවීම සුවිශේෂී වෙයි. iCook නවතම සෝයා නිෂ්පාදන මාදිලි පෙළ මගින් ක්ෂණිකව මෙන්ම පහසුවෙන් ද පිසගත හැකි අතර මෙය කාර්යබහුල ජීවිතයට සරිලන මනා තේරීමක් ද වෙයි.
මෙරට සෝයා වෙළඳපල තුළ විප්ලවීය වෙනසක් සිදුකළ ලංකාසෝයි නිෂ්පාදන මේ වනවිට සීමිත වශයෙන් අපනයනය කරන අතර ඉදිරියේදී ජාත්‍යන්තර වෙළඳපලට පුළුල් ලෙස අපනයනය කිරීමට සැලසුම් කර ඇත.
නව්‍යකරණය සඳහා නම් දැරූ කන්වීනියන්ස් ෆුඞ්ස් (ලංකා) පීඑල්සී සමාගම නියුටි‍්‍රලයින් වෙළඳනාමය යටතේ සීරියල් නිෂ්පාදන පෙළක් පසුගියදා වෙළඳපලට හඳුන්වා දුන්නේය. රසවත්, සෞඛ්‍යාරක්ෂිත හා සුවිශේෂී මෙම නිෂ්පාදන පෙළ ධාන්‍ය ගණනාවක් එක්කර ගනිමින් නිෂ්පාදනය කර ඇත. කුඩා දරුවන්ට මනාව සරිලන ආහාරයක් ලෙස නියුටි‍්‍රලයින් නිෂ්පාදන පෙළ නම්කළ හැකිය. ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුව නිෂ්පාදනය වන නියුටි‍්‍රලයින් සීරියල් දේශීය ස්වභාවික ධාන්‍ය යොදාගනිමින් නිෂ්පාදන කෙරෙයි. එමෙන්ම, දේශීය අමුද්‍රව්‍ය යොදාගනිමින් සෞඛ්‍යාරක්ෂිතව නිෂ්පාදනය කරන රම්බා ස්නැක් නිෂ්පාදන රස වර්ග පහකින් වෙළඳපලට පැමිණෙයි.
පසුගිය වසර කිහිපය තුළ කන්වීනියන්ස් ෆුඞ්ස් (ලංකා) පීඑල්සී සමාගම වෙළඳපලට ඉදිරිපත් කළ නව නිෂ්පාදන හේතුවෙන්ම සුවිශේෂී සාර්ථකත්වයක් අත්පත් කරගත්තේය.
‘‘අප නිරන්තරයෙන්ම බලාපොරොත්තු වන්නේ, නොකඩවා පර්යේෂණ සිදු කරමින් සහ නිෂ්පාදන ක‍්‍රියාවලීන් වැඩි දියුණු කරමින් පාරිභෝගිකයා ගෙවන මුදලට වඩා වටිනාකමක් ඔවුන්ට හිමි කර දීමටයි. එම උත්සාහය නිසාම අසමසම සෝයා නිෂ්පාදන රැසක් පාරිභෝගික ජනතාව වෙත ලබා දීමට අප සමත්ව තිබෙනවා. මීට අමතරව, මූල්‍ය ස්ථාවරත්වය මෙන්ම පාරිසරික ස්ථාවරත්වය වෙනුවෙන් ද අප දක්වන කැපවීම තුළින් ද පාරිභෝගිකයාට සේවය කිරීමට අපට හැකි වී තිබෙනවා. අනෙක් අතට අපගේ සමාගමේ කොටස්කරුවන්ගේ සිට සාමාන්‍ය සමාජය දක්වා සියලූම පාර්ශව සඳහා අපගේ ලාභයේත්, ප‍්‍රගතියේත් ප‍්‍රතිලාභ බෙදා හැරීම අපගේ අරමුණයි.” කන්වීනියන්ස් ෆුඞ්ස් (ලංකා) පීඑල්සී සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තිලංක ද සොයිසා මහතා සඳහන් කරයි.
බලශක්තිය හා නාස්තිය අවම කරමින් පරිසර හිතකාමී ලෙස ප‍්‍රමිතියෙන් උසස් අන්දමින් වෙළඳපොලට නිෂ්පාදන නිකුත් කිරීමට අවශ්‍ය උසස් නිෂ්පාදනාගාර පහසුකම් කන්වීනියන්ස් ෆුඞ්ස් (ලංකා) පීඑල්සී සමාගම සතුය. ශක්තිය සහ අමුද්‍රව්‍ය අපතේ යාම අවම කරමින් උපරිම කාර්යක්ෂමතාවයෙන් යුතුව නිෂ්පාදන ක‍්‍රියාවලිය පවත්වා ගැනීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව කාර්ය මණ්ඩල සාමාජිකයන් හට ලබා දී ඇති අතර එසේ ලැබෙන යෝජනා වසර ගණනක පටන් ක‍්‍රියාත්මක කිරීමට ද සමාගම කටයුතු යොදා ඇත. කාර්ය මණ්ඩල සාමාජිකයන් මෙම ක‍්‍රියාවලියේ මූලිකත්වය ගෙන කටයුතු කරන බැවින්, ලංකාසෝයි සමාගමේ පහල ස්ථරවල කාර්ය මණ්ඩල සේවකයන්ට ද නිෂ්පාදන ක‍්‍රියාවලිය වැඩිදියුණු කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට සක‍්‍රීයව දායක විය හැකි අතර මේ සුවිශේෂී ආයතනික ක‍්‍රියාදාමය හේතුවෙන් වැඩි ලාභ ඉපයීමට හැකියාව ලැබී ඇත.
ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මානය පිරිනමනු ලබන්නේ අංශ හතක් සලකා බැලීමෙන් අනතුරුවය. අදාළ සමාගමේ නායකත්වය, ආයතනික පරිපාලනය, ශක්‍යතා ප‍්‍රවර්ධනය, කාර්ය සාධන කළමනාකරණය, දේශීය සහ අන්තර්ජාතික වෙළඳපල ආවරණය, ආයතනික සමාජ වගකීම,ව්‍යාපාර සහ මූල්‍ය ප‍්‍රතිඵල වාර්තා යනු එම අංශ හතය.
‘ලංකාසෝයි’ ජාතික සහ ජාත්‍යන්තර සම්මාන රැසකින් පිදුම් ලබා ඇත. ඒ අතර, වසරේ විශිෂ්ටතම වෙළඳ නාමය ලෙස SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන, ජාතික ඵලදායිතා සම්මානය, CNCI කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල ආදිය සුවිශේෂී වෙයි.
ලංකා සෝයි, කොලස්ටරෝල් රහිත ප්‍රෝටීන් බහුල, එදිනෙදා ආහාර වේලට පහසුවෙන් සපයා ගත හැකි පෝෂණීය ආහාරමය නිෂ්පාදනයකි.
සේයා රූ සටහන - කන්වීනියන්ස් ෆුඞ්ස් (ලංකා)පීඑල්සී සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තිලංක ද සොයිසා මහතා 2015 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී රන් සම්මානය ලබාගනිමින්
Video Story