January, 5, 2016
ලෆාජ්හොල්සිම් සමූහයේ සාමාජිකයකු වන හොල්සිම් (ලංකා) සමාගම පිරිස් කළමනාකරණ අධ්‍යාපන ආයතනය (IPM) මගින් සංවිධානය කළ 'Great HR Quiz' තරගාවලියේ දී අඛණ්ඩව දෙවන වරටත් විශිෂ්ට ජයග‍්‍රහණයක් අත්කරගත්තේය. මෙම තරගාවලියේදී හොල්සිම් මානව සම්පත් කළමණාකාර කණ්ඩායම ඉදිකිරීම් හා ඉක්මනින් අලෙවි වන භාණ්ඩ කාණ්ඩය යටතේ තරග කළ අතර මෙම කාණ්ඩයේ විශිෂ්ටයින් බවට පත්වීමට ඔවුන්ට මෙම වර්ෂයේ ද හැකියාව ලැබුණි.
හොල්සිම් මානව සම්පත් කළමණාකාර කණ්ඩායම නියෝජනය කරමින් රොෂිකා පෙරේරා, තුෂාර බාලසූරිය, ලෙස්ලි ගුණසේකර, මලියදේව රණසිංහ සහ ශිරාන් පෙරේරා ආදීහු 'Great HR Quiz' තරගාවලියට දායකවූහ. මෙවර 'Great HR Quiz' තරගාවලිය පුරා තියුණු තරගකාරීත්වයක් පැවති අතර හොල්සිම් මානව සම්පත් කළමනාකරණ කණ්ඩායම සතු දැඩි කැපවීම හා උනන්දුව හේතුවෙන් මෙම සුවිශේෂී ජයග‍්‍රහණය හිමිකරගැනීමට හැකියාව ලැබුණි.
'Great HR Quiz' මානව සම්පත් කළමනාකරණයේ සංකල්ප හා ප‍්‍රතිපත්ති පිළිබඳ මානව සම්පත් වෘත්තිකයන් හා වෙනත් කලමනාකරුවන් සතු දැනුම හා අවබෝධය විමසා බලන තරගාවලියකි. පිරිස් කළමනාකරණ අධ්‍යාපන ආයතනය (IPM) මගින් මෙම තරගාවලිය වාර්ෂිකව සංවිධානය කරනු ලබයි. අඛණ්ඩව දෙවන වරටත් පැවති 'Great HR Quiz' තරගාවලියේ අවසන් වටයේ තරග පසුගිය නොවැම්බර් 13 වනදා ගලදාරි හෝටලයේදී පැවැතුණි.
'Great HR Quiz' තරගාවලිය සඳහා රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ ආයතන වලට ද සහභාගීවීමට හැකි අතර මෙවර 'Great HR Quiz' තරගාවලියේ 'Live Table Quiz' තරග අංශය සඳහා කණ්ඩායම් 45 ක අධික සංඛ්‍යාවක් සහභාගී වූහ. සෑම කණ්ඩායමක්ම නියෝජනය කරමින් තරග කළ සාමාජිකයින් පස් දෙනා හට තරගවට පහකට මුහුණදීමට සිදුවිය. මානව සම්පත් කළමනාකරණය" කාලීන තොරතුරු නූතන මානව සම්පත් කළමණාකරණය" සංවිධාන චර්යාවන් හා ක‍්‍රීඩා ආදී ක්ෂේත‍්‍ර පිළිබඳ තරගකරුවන් සතු දැනුම හා අවබෝධය විමසා බැලීම මෙහිදී සිදුවෙයි.
විවිධ ආයතන කාණ්ඩ යටතේ 'Great HR Quiz' තරගාවලිය දියත් කෙරුණු අතර ඒ අතරට බැංකු, මූල්‍ය, රක්ෂණ, තොරතුරු තාක්ෂණ, මෘදුකාංග, විදුලිසන්දේශ, සංචාරක, සත්කාරක සේවා හා විවේකාස්වාද, රෙදි පිළි හා ඇඟලූම්, ඉදිකිරීම් හා ඉක්මනින් අලෙවි වන භාණ්ඩ හා ආහාර පාන ආදී ක්ෂේත‍්‍ර ඇතුළත් විය.
ඉදිකිරීම් හා ඉක්මනින් අලෙවි වන භාණ්ඩ නිෂ්පාදනයේ නිරත සමාගම් මේ අතරට ඇතුළත් වූ විශේෂ කාණ්ඩයක් වූවේය. මෙම කාණ්ඩය යටතේ ප‍්‍රමුඛපෙළේ බහුජාතික හා දේශීය සමාගම් තරග කළ අතර ඒ අතරින් විශිෂ්ට ජයග‍්‍රහණයක් අත්කර ගැනීමට හොල්සිම් (ලංකා) සමාගමට හැකිවිය.
විවිධ කාණ්ඩ යටතේ තරග කළ ජයග‍්‍රාහකයින් තෝරාගැනීමේ කටයුතු ප‍්‍රවීණ විනිසුරු මඩුල්ලක් මගින් සිදුකෙරුණි. මානව සම්පත් සංවර්ධනය කිරීමේ ශ‍්‍රී ලංකා ජාතික සභාවේ සභාපති දිනේෂ් වීරක්කොඩි මහතා, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කලමනාකරණ පීඨයේ මහාචාර්ය කලමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ හා IPM අධ්‍යාපන ආයතනයේ කමිටු සාමාජික මහාචාර්ය අජන්ත ධර්මසිරි මහතා හා ශ‍්‍රී ලංකා සේවායෝජකයින්ගේ සංසදයේ අධ්‍යක්ෂ ජනරාල් කණිෂ්ක වීරසිංහ මහතා ආදීහු එම විනිසුරු මඩුල්ලට ඇතුළත් වූහ.
පිරිස් කළමනාකරණ අධ්‍යාපන ආයතනය (IPM) මගින් සංවිධානය කළ 'Great HR Quiz' තරගාවලියේදී ඉදිකිරීම් හා ඉක්මනින් අලෙවි වන භාණ්ඩ කාණ්ඩය යටතේ තරගවැදී අඛණ්ඩව දෙවන වරටත් ජයග‍්‍රහණය අත්පත් කරගැනීමට හැකිවීම තුළින් හොල්සිම් මානව සම්පත් කණ්ඩායම සතු සුවිශේෂී හැකියාව පිළිබිඹු වෙයි.
සේයා රූ සටහන - හොල්සිම් මානව සම්පත් කළමණාකාර කණ්ඩායම නියෝජනය කළ තුෂාර බාලසූරිය, ලෙස්ලි ගුණසේකර, රොෂිකා පෙරේරා, මලියදේව රණසිංහ සහ ශිරාන් පෙරේරා 'Great HR Quiz' තරගාවලියේ දී හිමිකරගත් කුසලානය අතැතිව (වමේ සිට දකුණට)
Video Story