January, 6, 2016
මෙරට වෛද්‍ය රසායනාගාර ක්ෂේත්රයේ තවත් හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින්, මෙරට ප්‍රථම වෛද්‍ය නිර්දේශන රසායනාගාරයවන ලංකා හොස්පිටල්ස් ඩයග්නොස්ටික්ස් (LHD), සිය නවතම සාම්පල් එකතු කිරීමේ ඒකකය පසුගියදා ජනතාව වෙනුවෙන් විවෘත කළේය.
ලංකා හොස්පිටල්ස් පරිශ්‍රය තුළ ම පිහිටා ඇති මෙම නවතම ඒකකය, මෙරට රෝහල් ක්ෂේත්රයේ රෝහලකින් පිටත, නමුත් රෝහල් පරිශ්‍රය තුළ ම පිහිටවූ පළමු සාම්පල් එකතු කිරීමේ ඒකකය මෙයවන අතර, රසායනාගාර පරීක්ෂණ සිදු ගැනීම සඳහා රෝහලට පැමිණෙන පාරිභෝගික ජනතාවට බාධාවකින් තොර, විශ්වසනීය සහ කාර්යක්ෂම සේවාවක් ලබා දීම වෙනුවෙන් විශේෂයෙන් සැලසුම් කර ඇත.
"රෝහල් පරිශ්‍රය තුළදී ම වඩාත් ඉක්මන් සහ නිරවද්‍ය වූ සේවාවක් ලබා දෙමින් මෙම නවතම සාම්පල එකතු කිරීමේ ඒකකය ජනතාව වෙනුවෙන් විවෘත කිරීමට හැකි වීම පිළිබඳ අප ඉතා සතුටු වනවා. වෛද්‍යවරුන් සහ වෛද්‍ය රසායනාගාරය අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරමින් රෝගියා කේන්ද්‍ර කර ගත් සේවාවක් ලබා දීම සඳහා අප දක්වන කැපවීම තවදුරටත් මෙයින් පිළිබිඹු වනවා." ලංකා හොස්පිටල්ස් සභාපති වෛද්‍ය සරත් පරණවිතාන මහතා සඳහන් කළේය.
පාරිභෝගිකයන් හට අසමසම පහසුවක් ලබා දීම, රෝහල් ගොඩනැගිල්ලෙන් පිටත, රෝහල් පරිශ්‍රය තුළ ම මෙම ඒකකය ස්ථාපනය කිරීමේ ප්‍රධාන අරමුණයි. වාහන නැවත්වීමේ පහසුව ද සහිතව ඉදි කර ඇති මෙම නව ඒකකය මගින්, රෝහලක් තුළට ඇතුළත් වීමෙන් හෝ දිගු පෝලිම්වල රැඳී සිටීමෙන් තොරව කඩිනමින් සිය වෛද්‍ය රසායනාගාර සේවාවන් ලබා ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයාට හිමිකර දෙයි.
නවෝත්පාදනය සහ නව්‍ය තාක්ෂණය තුළින් රෝගියාට කාර්යක්ෂම සේවාවක් ලබා දීම වෙනුවෙන් කීර්තිමත් නාමයකට හිමිකම් කියන ලංකා හොස්පිටල්ස් ඩයග්නොස්ටික්ස්, සිය වෙබ් අඩවියට පිවිසීමෙන් පරීක්ෂණ වාර්තාව ලබා ගැනීමේ පහසුව ද පාරිභෝගික ජනතාව වෙත හිමි කර දී ඇත. මේ අනුව, පරීක්ෂණ වාර්තා ලබා ගැනීම සඳහා දෙවරක් රෝහල වෙත යාමට තවදුරටත් අවශ්‍ය නොවේ. රෝගියා සාම්පල හෝ නිදර්ශක රසායනාගාරයට බාර දුන් පසුව ඊට අදාළ රිසිට්පත තහවුරු කරමින් රෝගියාගේ ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් ලැබේ. වාර්තාව සූදානම් වූ පසුව ඒ පිළිබඳ දන්වමින් තවත් කෙටි පණිවිඩයක් ලැබේ. වෙබ් අඩවියට පිවිස පරීක්ෂණ වාර්තාව ලබා ගැනීමට අපේක්ෂා කරන රෝගීන් හට ඊට අදාළ හැඳුනුම් නාමයක් සහ රහස් අංකයක් ද කෙටි පණිවිඩයක් මගින් යොමු කෙරේ. මෙම සේවය ශ්‍රී ලංකාවේ පළමු වරට හඳුන්වා දීමේ ගෞරවය ද ලංකා හොස්පිටල්ස් ඩයග්නොස්ටික්ස් සතුය.
උපරිම නම්‍යශීලිත්වය, අසමසම ප්‍රමිතිය සහ විශිෂ්ට සේවාව වෙනුවෙන් ක්ෂේත්රය තුළත්, පාරිභෝගික ජනතාව තුළත් නොමඳ විශ්වාසය හිමිකර ගෙන සිටින ලංකා හොස්පිටල්ස් ඩයග්නොස්ටික්ස්, ජාත්‍යන්තර ප්‍රමිති සහතික රැසකට හිමිකම් කියයි.
"ලංකා හොස්පිටල්ස් ඩයග්නොස්ටික්ස් ජාත්‍යන්තර ප්‍රමිති සහතික රැසකට හිමිකම් කියනවා. එය, ISO: 15189 ප්‍රමිති සහතිකය හිමිකර ගත් මෙරට ප්‍රථම රෝහල් රසායනාගාරයයි. වේගයෙන් වර්ධනයවන සිය පාරිභෝගික පදනම තුළ සෑම විටම උපරිම ගුණාත්මකබව සහ ක්ෂේත්රයේ විශිෂ්ටතම ක්‍රමවේද ලබා දීමට ලංකා හොස්පිටල්ස් ඩයග්නොස්ටික්ස් කටයුතු කරනවා." ලංකා හොස්පිටල්ස් ඩයග්නොස්ටික්ස් හි අධ්‍යක්ෂිකා මහාචාර්ය ඩිලානි ලොකුහෙට්ටි මහත්මිය ප්‍රකාශ කළාය.
වෛද්‍ය රසායනාගාරවල ක්ෂේත්රයේ ගුණාත්මක බව සහ ශක්‍යතාව සලකා බැලීමෙන් අනතුරුව ISO ප්‍රමිති සහතිකය පිරිනැමේ.
පරීක්ෂණ 1050 කට අධික සංඛ්‍යාවකින් යුතු පුළුල් පරාසයක විහිදුනු රසායනාගාර පරීක්ෂණ පහසුකම් පිරිනමන ලංකා හොස්පිටල්ස් ඩයග්නොස්ටික්ස්, මෙරට ප්‍රථම වෛද්‍ය නිර්දේශන රසායනාගාරයවන අතර, මෙරට සුවිශේෂී පරීක්ෂණ 75 ක් පිරිනමන එකම වෛද්‍ය රසායනාගාරය ද වෙයි. නවීනතම රසායනාගාර පහසුකම්වලින් සහ දියුණු උපාංගවලින් මෙම රසායනාගාරය සමන්විතය.
පූර්ණකාලීන රසායනාගාර වෛද්‍ය විශේෂඥවරුන් සය දෙනෙකුගෙන් සමන්විත මෙරට එකම පෞද්ගලික රසායනාගාරයවන ලංකා හොස්පිටල්ස් ඩයග්නොස්ටික්ස් රසායනාගාරය, ප්‍රමිතීන්ට අනුකූලව ඉහලම සේවාවක් ලබා දීම වෙනුවෙන් නිබඳව කැපවන තාක්ෂණ කාර්යමණ්ඩල සාමාජිකයන්ගෙන් ද සවිබල ගැන්වී ඇත.
ලෝක මට්ටමේ, නව්‍යකරණ වෛද්‍ය පර්යේෂණ හා රසායනාගාර පහසුකම් ලබා දීම වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් ඩයග්නොස්ටික්ස්, 2016 වසරේ සැප්තැම්බර් මාසයේදී, College of American Pathologists (CAP) ආයතනයේ අනුමැතියට ලක් වීමට නියමිතය.
CAP අනුමැතිය, රසායනාගාර ක්ෂේත්රයේ ස්වර්ණමය ප්‍රමිති ලකුණ ලෙස පිළිගැනේ. එය, රසායනාගාර තත්ත්ව ආරක්ෂණයේ ගෝලීය ප්‍රමුඛයා ලෙස ද සැලකේ. CAP අනුමැතිය මගින් වගකීම්සහගත, ප්‍රමිතියෙන් උසස් සහ ගෙවන මුදලට වැඩි වටිනාකමක් දෙන සේවාවක් තහවුරු කෙරේ.
මෙරට ජනතාව වෙනුවෙන් විශිෂ්ට රසායනාගාර පහසුකම් ලබා දීම වෙනුවෙන් කැපවන ලංකා හොස්පිටල්ස් ඩයග්නොස්ටික්ස්, 600 කට අධික මධ්‍යස්ථාන සංඛ්‍යාවකට හිමිකම් කියන අතර, මහනුවර සහ ගාල්ල ප්‍රදේශවල ද නවීන වෛද්‍ය රසායනාගාර දෙකක් ඉදිරි මාස කිහිපය තුළ ඉදිකිරීමට ද නියමිතය.
විශිෂ්ට වෛද්‍ය රසායනාගාර පහසුකම් තුළින් රෝගීන් හට ලබා දෙන අසමසම නිරවද්‍ය වෛද්‍ය වාර්තා, ලංකා හොස්පිටල්ස් ඩයග්නොස්ටික්ස් හි සාර්ථකත්වයේ පදනමයි. නවතම සාම්පල එකතු කිරීමේ ඒකකයේ සමාරම්භය සනිටුහන් කරමින්, පසුගිය සැප්තැම්බර් 1 වැනිදාට පසුව ඕනෑම රසායනාගාරයකින් ලබා ගත් රසායනාගාර වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන්, ජනවාරි මාසය පුරා සියලුම රසායනාගාර පරීක්ෂණ සඳහා 25% ක වට්ටමක් සිය පාරිභෝගිකයන් හට ලබා දීමට ලංකා හොස්පිටල්ස් ඩයග්නොස්ටික්ස් කටයුතු කර ඇත.

වමේ සිට දකුණට - රසායනාගාර නියෝජ්‍ය ප්‍රධානී වෛද්‍ය සරෝජා සිරිවර්ධන, ලංකා හොස්පිටල්ස් ඩයග්නොස්ටික්ස් ප්‍රධාන විධායක නිලධාරී දේශාන්ත සිල්වා, ලංකා හොස්පිටල්ස් සභාපති වෛද්‍ය සරත් පරණවිතාන, ලංකා හොස්පිටල්ස් ඩයග්නොස්ටික්ස් අධ්‍යක්ෂිකා මහාචාර්ය ඩිලානි ලොකුහෙට්ටි, ලංකා හොස්පිටල්ස් ඩයග්නොස්ටික්ස් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී අරුණ ජයකොඩි සහ රසායනාගාර නියෝජ්‍ය ප්‍රධානී වෛද්‍ය හර්ෂ සමරසේකර
Video Story