January, 13, 2016
නව වසරට අළුත් අද්විතීය අත්දැකීම් එක් කරමින් එමිරේට්ස් ගුවන් සමාගම විසින් ශ‍්‍රී ලංකාවේ සිට නව ගමනාන්ත ඇතුළු මගීන් ප‍්‍රියකරන ගමනාන්ත වෙත විශේෂ අඩුකළ ගාස්තු යටතේ ගමන් කිරීමට අවස්ථාව සලසා දී තිබේ.
ව්‍යාපාරික පන්තියේ සහ ඉකොනොමි පන්තියේ මගීන්ට හිමිවන මෙම විශේෂ අඩුකළ ගාස්තු ලබා ගැනීම සඳහා 2016 ජනවාරි 05 වනදා සහ ජනවාරි 18 වනදා අතර කාලය තුළදී ගුවන් ටිකට් වෙන්කර ගත යුතු අතර 2016 ජනවාරි 18 වනදා සහ නොවැම්බර් 30 වනදා අතර කාලය තුළදී ගුවන් ගමන් සිදුකළ යුතුය.
ශ‍්‍රී ලංකාවේ සිට ඈත පෙරදිග ගමනාන්ත වලට ව්‍යාපාරික පන්තියේ ගාස්තු ආරම්භ වන්නේ රුපියල් 74,920 කින් වන අතර මැදපෙරදිගට ගාස්තු ආරම්භ වන්නේ රුපියල් 108,155 ක සිටයි. යුරෝපයට රුපියල් 202,462 ක සිටත් ඇමරිකාවට රුපියල් 306,795 ක සිටත් ව්‍යාපාරික පන්තියේ ගාස්තු ආරම්භ වේ. ඉකනොමි පන්තිය සඳහා ඈත පෙරදිග ගමනාන්ත වලට රුපියල් 33,805 කින් ගාස්තු ආරම්භ වන අතර මැදපෙරදිග ගමනාන්ත වලට රුපියල් 43,570 කින්ද, යුරෝපීය ගමනාන්ත වලට රුපියල් 58,020 කින්ද ගාස්තු ආරම්භ වේ. ඉකොනොමි පන්තිය යටතේ ඇමරිකාවේ ගමනාන්ත වලට ගාස්තු ආරම්භ වන්නේ රුපියල් 93,875 ක සිටයි.
‘‘බොහෝ දෙනෙකු 2016 වසර වෙනුවෙන් තමන්ගේ බලාපොරොත්තු සහ ගමන් සැලසුම් පිළිබඳව මේ වනවිට සිතමින් සිටිනවා. මෙම සිහින යථාර්තයක් බවට පත්කිරීමට අපි කටයුතු කර තිබෙනවා.’’ යනුවෙන් එමිරේට්ස් සමාගමේ විධායක උප සභාපති සහ ප‍්‍රධාන වාණිජ නිළධාරීවරයා වන තියරි ඇන්ටිනෝරි මහතා සඳහන් කළේය. ‘‘මහද්වීප හයක විහිදුණු අපගේ ගෝලීය ගමනාන්ත ජාලය මගින් සෑම මගියෙකු සඳහාම කුමන හෝ අවස්ථාවක් ලබාදෙනවා. අපි විසින් විශේෂ සහන ගාස්තු යටතේ ලබාදෙන පුළුල් ගමනාන්ත මාලාව තුළින් මගීන් වෙත වඩාත් වැඩි වටිනාකමක් එක්කර තිබෙනවා.’’
ශ‍්‍රී ලංකාවේ සහ මාලදිවයින සඳහා එමිරේට්ස් කළාපීය කළමනාකරු, චන්දන ද සිල්වා මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. ‘‘එමිරේට්ස් සමඟ පියාසර කිරීම නිරන්තරයෙන් ගෙවන මිලට අසමසම වටිනාකමක් ලබා දෙන්නක් බව අපගේ ගුවන් මගීන් දන්නා කරුණක්. මෙම අසමසම වටිනාකමට මෙම සහන ගාස්තු මගින් තවත් ආකර්ශනීය භාවයක් එක්කර තිබෙනවා. කැමැත්ත, සම්බන්ධතාවය සහ වටිනාකමට අමතරව කොළඹ සිට පියාසර කරන මගීන් වෙනුවෙන් බටහිර සහ නැගෙනහිර දෙසට සතියකට ගුවන් ගමන් වාර 34 ක් ක‍්‍රියාත්මක වන්නේ අති සුඛෝපභෝගී පහසුකම් සහිත නවීන යානා යොදා ගනිමිනුයි. භාෂා රැසකින් සේවා සපයන වඩාත් හිත මිතුරු කාර්ය මණ්ඩලය විසින් මෙහිදී සම්මානනීය සේවාවක් මගීන්ට ලබාදෙනවා.’’
එමිරේට්ස් ගුවන් සමාගම රටවල් 80 ක ගමනාන්ත 140 කට පියාසර කරන අතර 2015 දී සමාගම විසින් බාලි, මුල්ටාන්, ඕර්ලන්ඩෝ, මෂ්හඞ් සහ බොලොග්නා යන ගමනාන්ත වෙත ගුවන් ගමන් ආරම්භ කරන ලදී.
2016 පෙබරවාරි 01 වනදා සිට එමිරේට්ස් පැනමා සිටි වෙත ගුවන් ගමන් ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන එය මධ්‍යම ඇමරිකාවෙහි ගුවන් සමාගමේ ප‍්‍රථම පිවිසුම් ගමනාන්තය වේ. මීට අමතරව, චීනයේ යින්චුවාන් සහ ස්හෙන්ග්සු වෙත 2016 මැයි 03 වනදා සිට ගුවන් ගමන් ක‍්‍රියාත්මක කිරීමට සමාගම සැලසුම් කර ඇත.
ජාතීන් 130 කට වැඩි ගණනක් නියෝජනය කරන එමිරේට්ස් ගුවන් යානා කාර්ය මණ්ඩල සාමාජිකයින් සිංහල සහ දෙමළ ඇතුළුව භාෂා 60 කට වැඩි ගණනක් කතා කරන කැපී පෙනෙන කණ්ඩායමකි.
www.emirates.com/lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ ගමන් නියෝජිතයින් සම්බන්ධ කරගැනීමෙන් ගුවන් ගමන් වාර වෙන්කර ගැනීම හා සම්පූර්ණ කොන්දේසි පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට හැකිය.
ජනවාරි 5 වනදා සිට යුරෝපීය ගමනාන්ත සඳහා රුපියල් 58,020 කින් ගාස්තු ආරම්භවේ.
Video Story