January, 14, 2016
SLIIT උසස් අධ්‍යාපන ආයතනයෙන් උපාධිය හිමිකරගත් සිසුවෙකු වන ගනිඳු නානායක්කාර, 2015 'Verizon - Powerful Answers Award' තරගාවලියේ ප‍්‍රථම ස්ථානය හිමිකරගනිමින් මෙරටට කීර්තියක් අත්කරදීමට පසුගියදා සමත් වූවේය. ගනිඳුට මෙවැනි සුවිශේෂී ජයග‍්‍රහණයක් හිමිවූයේ ඔහු නිර්මාණය කළ නව නිපැයුම වූ 'iHelmet' ව්‍යාපෘතියටය. 'Verizon - Powerful Answers Award' තරගාවලිය ජයගත් ගනිඳු ඇමරිකන් ඩොලර් 500,000 ක මුදලක් ත්‍යාග වශයෙන් හිමිකරගැනීමට ද සමත්වූවේය. මෙම තරගාවලියේදී ගනිඳු ව්‍යවසායකයින් 1,400 කට අධික පිරිසක් සමග තරගවැදුණේය.
SLIIT උසස් අධ්‍යාපන ආයතනයේ උපාධි අපේක්ෂකයකු ලෙසින් ගනිඳු සිය සිවුවන වසර ව්‍යාපෘතිය ලෙස 'iHelmet' ය නිර්මාණය කිරීම ආරම්භ කළේය. 'Verizon - Powerful Answers Award' තරගාවලියේදී ප‍්‍රවාහන අංශය යටතේ ගනිඳු සිය නිර්මාණය ඉදිරිපත් කළේය. යුධබිමේදී සිදුවන සටන් වලදී යුධ ශූරත්වය හා දක්ෂතාවය දියුණු කිරීමේ ක‍්‍රමවේදයක් ලෙස 'iHelmet' නිර්මාණය විය. 2013 දී පැවති National Best Quality තොරතුරු තාක්ෂණ (ICT) සම්මාන උළෙලේදී (NBQSA) ගනිඳු නිර්මාණය කළ 'iHelmet'යට රන් සම්මානය හිමිවිය. එමෙන්ම, 2013 වසරේදී පැවති ඉන්ෆොටෙල් (Infotel) ප‍්‍රදර්ශනයට ද ගනිඳු සිය නව නිර්මාණය ඉදිරිපත් කළේය.
'iHelmet' ය 2015 දී සිට මේ දක්වා දියුණු වී තිබෙන අතර මෝටර් රථ රියදුරන්ට පැළඳිය හැකි මට්ටම දක්වා මෙය වර්ධනය කර ඇත. 'iHelmet' යේ තිබෙන සංවේදක තුළින් සංවේදක මගින් මගින් ලබාගන්නා දත්ත අඛණ්ඩව කියැවීමට යොමුකිරීම සිදුවෙයි, භාවිත කරන්නාගේ ස්මාර්ට් දුරකථනයේ පවතින බ්ලූටූත් සම්බන්ධතාව හරහා දත්ත මගින් තොරතුරු ලබාගැනීම සිදුකරයි, 'iHelmet' මෘදුකාංගය මෝටර්සයිකලයේ හෙල්මටයට සම්බන්ධ කර ඇති විට මෙමගින් සුවිශේෂී තොරතුරු ගණනාවක් හුවමාරු කිරීම සිදුවෙයි. එමගින් අධිවේගයේ දී අනතුරු ඇගවීමට, බාහිර වායුගෝලීය තත්වය පරික්ෂා කිරීමට, හදිසි සංඥා නිකුත් කිරීමට පවා හැකියාව ඇත.
ඇමරිකාවේ පිහිටි දැවැන්ත තාක්ෂණ සමාගමක් වන Verizon මගින් සංවිධානය කරන 'Powerful Answers Award' තරගාවලිය ඩොලර් මිලියන ගණනාවක ත්‍යාගයක් හිමිවන තරගාවලියක් මෙන්ම නවෝත්පාදන ඉදිරිපත් කළ හැකි අවස්ථාවක් හා අභියෝගයක් ද වෙයි. ලොවපුරා සිටින තනි තනි පුද්ගලයින්, ව්‍යවසායකත්ව කණ්ඩායම් හා සංවිධාන වලට මේ සඳහා ඉදිරිපත් විය හැකිය. 'Powerful Answers Award' තරගාවලිය සඳහා ප‍්‍රවාහන, ආපදා කළමනාකරණය, අන්තර්ජාල සේවා හා ප‍්‍රවාහන යන අංශ යටතේ නවෝත්පාදන ඉදිරිපත් කරමින් තරගවැදිය හැකිය. 2015 'Verizon ' තරගාවලියේදී මෙම අංශ යටතේ නවෝත්පාදන ඉදිරිපත් කරමින් තරගකළ සුවිශේෂී කණ්ඩායම් වලට ජයග‍්‍රහණ හිමිවිය. වර්තමාන ලොව පවතින ගැටළු වලට විසඳුම් ඉදිරිපත් කළ නවෝත්පාදන ද 2015 'Verizon ' තරගාවලියේදී ඇගයීමට ලක්කෙරුණි.
SLIIT උසස් අධ්‍යාපන ආයතනය මගින් සිසුන්ගේ දියුණුවට අවශ්‍ය සුවිශේෂී පියවර ගණනාවක් ConceptNursery වැනි අංශයන් මගින් ගනු ලැබ ඇත. SLIIT උසස් අධ්‍යාපන ආයතනය මගින් සිසුන්ගේ ව්‍යවසායකත්ව හැකියාවන් දියුණු කිරීමට අවශ්‍ය පහසුකම් හා උපදෙස් ලබාදෙමින් ඔවුන්ට නව නිපැයුම් සිදුකිරීමට අවශ්‍ය දිරිගැන්වීම් ද අඛණ්ඩව ලබාදීම සිදුවෙයි.
Video Story