January, 14, 2016
ආපිකෝ සුපිරි වෙළඳසැල් ජාලය තම ගණුදෙනුකරුවන්ට පමණක් වෙන්වූ නව ටැක්සි සේවාවක් ආරම්භ කරමින්, දැනටමත් ලබාදෙන සේවාවේ අගය තවදුරටත් ඉහළ දැමීමට කටයුතු කර තිබේ.
මෙය ශ්‍රී ලංකාවේ සුපිරි වෙළඳසැල් ජාලයක් විසින් පාරිභෝගිකයින් සඳහා පවත්වාගෙන යන පළමු ටැක්සි සේවාව වන අතර නිසාන් ලීෆ් විද්‍යුත් මෝටර් රථ 10 ක් යොදාගනිමින් ආපිකෝ සුපර් සෙන්ටර්ස් 04 ක මෙම සේවාව ක්‍රියාත්මක කරයි. මෙම ආපිකෝ සුපර් සෙන්ටර්ස් ශාඛා හතර අතරට හයිඩ් පාර්ක් කෝනර්, දෙහිවල, බත්තරමුල්ල සහ වත්තල යන ශාඛා ඇතුළත් වේ.
‘Eco Privilege Taxi Service‘ යනුවෙන් නම්කර තිඛෙන මෙම ටැක්සි සේවාව මගින් වඩාත් සුවපහසුවෙන් සහ ආරක්ෂාකාරීව පරිසරයට හිතකර ලෙස පාරිභෝගිකයින්ට සිය නිවෙස් වෙත යෑමේ අවස්ථාව ලැඛෙන අතර කිලෝ මීටරයක් යෑම සඳහා අය කරන්නේ රුපියල් 40 ක මිලකි.
“මෙරට සුපිරි වෙළඳසැල් ක්ෂේත්රයේ සුවිශේෂී ස්ථානයක් දිනාගැනීමට මේ වනවිට ආපිකෝ සුපර්සෙන්ටර්ස් සමත්වී තිඛෙන්නේ ගණුදෙනුකරුවන්ගේ පහසුව වැඩිකිරීමට සමාගම විසින් ලබාදෙන බොහෝ සේවාවන් නිසායි“ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් රිචඩ් පීරිස් ඩිස්ට්‍රිබියුටර්ස් ලිමිටඩ් සමාගමේ අලෙවිකරණ ප්‍රධානී, මිනෝද් ද සිල්වා මහතා පැවසීය. “මෙම නව්‍ය වූ සේවාව මගින් පාරිභෝගිකයින්ට වඩාත් පහසුවක් ලැඛෙන අතර මෙය බොහෝ පාරිභෝගිකයින්ගේ ගෞරවාදරයට ලක්වනු නොඅනුමානයි.“
ආපිකෝ ජාලයට මේ වනවිට ආපිකෝ සුපර්සෙන්ටර්ස් 17 ක්, ප්රදර්ශනාගාර 18 ක් සහ ආපිකෝ zඩේලිZ සුපිරි වෙළඳසැල් 21 ක් අයත් වේ. සමාගමේ ප්‍රමුඛතම සුපිරි වෙළඳ සැල් ජාලය වන ආපිකෝ සුපර්සෙන්ටර්ස් තුළින් වාහන නතර කිරීමේ ඉතා විශාල ඉඩකඩක්, බිල්පත් ගෙවීමේ සහ බැංකු පහසුකම් ඇතුළු ගේ දොර හා ඉලෙක්ට්‍රොනික උපකරණ, මුළුතැන් ගේ උපකරණ, ගෘහ භාණ්ඩ සහිත දැවැන්ත නිෂ්පාදන මාලාවක් එකම වහළක් යටින් ලබාදෙන්නේ ශ්‍රී ලංකාවේ වඩාත්ම පහසු සාප්පු සවාරි අත්දැකීම ලබාදෙන පොරොන්දුවද සමගිනි.
Video Story