September, 29, 2022
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (29) දින කැඳවන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ දී රු. බිලියන 127.31 මුදලක් සම්පාදනය කර ගෙන තිබේ.
වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරන ලද බැඳුම්කරවල මුළු වටිනාකම රු. බිලියන 145 කි.
2025,2028 හා 2032 වසරවල දී කල්පිරෙන ආකාරයෙන් කාණ්ඩ 3 ක් යටතේ මෙම බැඳුම්කර නිකුතුව සිදුකරනු ලැබූ අතර එහිදී පිළිවෙලින් එක් එක් කාණ්ඩයට අදාළව පිළිවෙලින් රු. බිලියන 25.50 ක්, රු. බිලියන 31.80 ක් හා රු. බිලියන 70.00 ක් ලෙසින් ලංසු පිළිගෙන ඇත.
මෙම වෙන්දේසියේ දී ඉහත කී එක් එක් කාණ්ඩය සඳහා වූ බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකයන් පිළිවෙලින් 30.95% ක්, 31.50% ක් හා 30.09% ක් ලෙසින් වාර්තා වේ.
මේ පිළිබඳ පූර්ණ සටහනක් පහතින් දැක්වේ.

Video Story