January, 18, 2016
මෙරට විලාසිතා ක්ෂේත්රයේ ප්‍රමුඛතම සන්නාමය වන ඔඩෙල් දැක්වූ කරුණාවන්ත අනුග්‍රහය හේතුවෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත පැමිණෙන කුඩා දරුවන්ට දැන් සුන්දර සහ සතුටින් පිරුණු ස්ථානයක විනෝද වීමට අවස්ථාව උදා වී ඇත .
මෙම වෙනසට හේතුවී තිඛෙන්නේ කොළඹ ඇලෙක්සැන්ඩ්රා පෙදෙසේ පිහිටි ඔඩෙල් ප්‍රධාන අලෙවිසැලෙහි ළමා අංශයේ තිබූ සෙල්ලම් අංගනය රෝහලට පැමිණෙන දරුවන්ගේ භාවිතය සඳහා රෝහලට පරිත්‍යාග කිරීම හේතුවෙනි.
ඔඩෙල් අලෙවිසැල තුල වූ එම අංගනය මුළුමනින්ම ගලවා රෝහලෙහි වාට්ටු අංක එකේ නැවත ස්ථාපිත කර තිඛෙන අතර මෙම ස්ථානය දැනටමත් බොහෝ දරුවන්ගේ ආකර්ශනය දිනාගෙන තිබේ.
නැවතත් සකස් කළ මෙම ළමා සෙල්ලම් අංගනය, ජනවාරි 11 වනදා ඔඩෙල් කණ්ඩායම විසින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ ළමා වෛද්‍යවරුන් වන මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා මහතාට සහ වෛද්‍ය දහම් ද සිල්වා මහතාට නිළ වශයෙන් භාරදෙන ලදී.
ඔඩෙල් විලාසිතා ජාලයේ ප්රකාශිකාවක් සඳහන් කළේ ඇලෙක්සැන්ඩ්රා පෙදෙසේ ඔඩෙල් අලෙවිසැලේ මෙම අංගනය තිබූ ඉඩකඩ ළමා අංශයට එකතු කර ඇති බවයි. zzමෙම සෙල්ලම් අංගනය දැනA රිජ්වේ ළමා රෝහලට පැමිණෙන දරුවන්ට විනෝදයක් ගෙන දෙන බව දැනගැනීමෙන් අපගේ අලෙවිසැලට පැමිණෙන දරුවන් සතුටු වනු ඇතැයි අපට විශ්වාසයිලZZ යනුවෙන්ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
විලාසිතා සහ ආයිත්තම් පිළිබඳව මෙරට ප්‍රමුඛතම නාමයක් වන ඔඩෙල් අයත් වන්නේ ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන මනාව විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සොෆ්ට්ලොජික් සමූහයටයි. සොෆ්ට්ලොජික් සමූහය විසින් සිල්ලර, සෞඛ්‍ය, මූල්‍ය සේවා, තොරතුරු සන්නිවේදන තාක්ෂණ, සංචාරක සහ වාහන අලෙවිය යන අංශවල ව්‍යාපාරික කටයුතු සිදුකරයි.
සේයාරු වලින් දැක්වෙන්නේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නැවතත් සකස් කළ ළමා සෙල්ලම් අංගනය සහ එය විවෘත කිරීමේ අවස්ථාවේ ඔඩෙල් කණ්ඩායම රෝහලේ වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය සමග සිටින අයුරුයි.
Video Story