• Ada Derana BIZ Sinhala
  • cse
  • sri lanka

කොටස් වෙළෙඳපොළේ වර්ධනයක්

October, 12, 2022

අද (12) දිනයේ කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 108.66 (1.24%) කින් ඉහළ ගොස් ඒකක 8,853.27 ලෙසින් වාර්තා විය.

මේ අතර S&P SL20 දර්ශකය ඒකක 34.82 කින් හෙවත් 1.31% කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 2,687.81 ක් ලෙසින් දැක්වුණි.

අද දින සමස්ත ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 2.30 ක් ලෙසින් සටහන් විය.

එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 2.25 ක් හා දේශීය විකිණුම් රු. බිලියන 2.28 ක් ලෙසින් සටහන්ව තිබුණි.

දිනය තුළ සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාම සඳහා සමාගම් 126 ක් ධනාත්මක දායකත්වයක් ලබා දී තිබූ අතර එක්ස්පෝ ලංකා හෝල්ඩින්ස්, සෙලින්කෝ ඉන්ෂුවරන්ස්, රෝයල් සෙරමික් ලංකා, LOLC හෝල්ඩිංග්ස් හා හේලීස් යන සමාගම් මෙලෙස සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට ඉහළ දායකත්වයක් ලබා දුන් සමාගම් අතර කැපී පෙනුනි.

Video Story

Stock Market

Exchange Rates