• Ada Derana BIZ Sinhala
  • New act
  • public asset
  • sri lanka

රාජ්‍ය වත්කම් කළමනාකරණයට නව පනතක්

October, 18, 2022

2022 මුදල් වර්ෂයට අදාළ විසර්ජන පනත සංශෝධනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද අයවැය කථාවේදී ආර්ථිකය ශක්තිමත්ව ගොඩනැඟීම, රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව වර්ධනය කිරීම සහ රජය සතු සම්පත් ඵලදායී ලෙස කළමනාකරණය කිරීම අරමුණු කරගෙන නව පනත් කිහිපයක් හඳුන්වා දීමේ සහ දැනට පවතින පනත් කිහිපයක විධිවිධාන සංශෝධනය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙන ලදී.
ඒ අනුව, මහා භාණ්ඩාගාරය යටතේ පවතින කොම්ප්ට්‍රෝලර් ජනරාල් කාර්යාලයේ රාජකාරි කටයුතු පුළුල් කර ඊට නෛතිකභාවයක් ලබා දීමටත්, ජාතික වත්කම් ලේඛනයක් පිළියෙල කිරීමට සහ රාජ්‍ය වත්කම් සම්බන්ධ මධ්‍යගත දත්ත පද්ධතියක් හඳුන්වා දීමටත් හැකි වන පරිදි යෝග්‍ය විධිවිධාන ඇතුළත් කරමින් රාජ්‍ය වත්කම් කළමනාකරණය සඳහා නව පනතක් හඳුන්වා දීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙසට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Video Story

Stock Market

Exchange Rates