October, 18, 2022
ජාත්‍යන්තර මැණික් වෙන්දේසියක් ආරම්භ කිරීමට නියමිත බවත්, එහි ආරම්භක වෙන්දේසිය විදේශිකයන් සඳහා ඔක්තෝබර් 20 දින පැවැත්වීමට නියමිත බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
අද (18) දින පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව සඳහන් කළේය.
2023 ජනවාරි මස ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර මැණික් ප්‍රදර්ශනයක් හා වෙළෙඳපොළක් සංවිධානය කිරීමට අපේක්ෂා කෙරේ.
තවද ජාත්‍යන්තර මැණික් වෙන්දේසියක් ආරම්භ කිරීමට නියමිතය.
එහි ආරම්භක වෙන්දේසිය විදේශිකයින් සඳහා ඔක්තෝබර් මස 20 වන දින පැවැත්වීමට නියමිතය.
විදේශ රටවල පැවැත්වෙන මැණික් වෙළෙඳ හා අලෙවි ප්‍රදර්ශනවලට තානාපති කාර්යාල හරහා තොරතුරු ලබා ගෙන ඒ සඳහා සහභාගී වීමට පහසුකම් සැපයීමට අපේක්ෂා කරයි.
Video Story